𝙾𝚇𝚈𝙶𝙴𝙽
" ඈ. "
" ඔව්. මගේ කසාද මිනිහා. මගේ පුතු පැටියගේ තාත්තා දැන් හරිනේ. "
යසස් කියපු එක තේරුම් ගන්න ටිකක් අමාරු වෙද්දි මෙතුල ආපහු සැරයක් ඈ ගෑවේ යසස් අඩියක් ගහපු එකෙක් වගේ කියවගෙන යද්දි. යෂ් එක්ක තිබුණු කේන්තිය මාමා පිටින් යවලා යසස් එහෙන්මම යෂ්වත් ඇදගෙන උඩ තමන්ගේ කාමරේට ගියේ යෂේන් අම්මා පස්සෙන් යන පොඩි එකා වගේ ඒ පස්සෙන්ම ඇදිලා කාමරේට යද්දි. හසෙල් ගෙනාපු බඩු ටික කුස්සියට ගෙනිච්චේ මෙතුලගේ උදව්වෙන් වෙද්දි යසස්ටයි යෂ්ටයි කරදර කරන්න ඕන නැති නිසාම කොල්ලා මෙතුල එක්ක එකතු වෙලා ගෙනාපු බඩු අස් කරන්න පටන් ගත්තා.
" ඉදගෙන ඉන්නවා මම බෙහෙත් අරන් එනකම්. "
කාමරේට ගිහින් යෂ්ට ඇදෙන් ඉදගන්න කියලා මාමාගේ කාමරේට ගිහින් ඒකෙන් ෆස්ට්ටේඩ් බොක්ස් එක අරන් ඇවිත් යෂ්ගේ එහාපැත්තෙන් ඉද ගත්තේ සාමාන්යෙන් ඉස්කෝකේ යන ලමයෙක්ට වඩා වැඩියෙන් වැවිලා තිබුනු යෂ්ගේ කොන්ඩේ නලලෙන් පිටිපස්සට කරන ගමන්.
" ස්ස්ස්ස්ස්.. "
මෙච්චර වෙලා කොණ්ඩෙ නිසා වැහිලා තිබුනු තුවාලේ යසස් දකිද්දි යසස් කලේ පුලුන් කෑල්ලකට සර්ජිකල් ටිකක් දාලා තුවාලේ වගේම ඒ වටේටත් කැටිගැහිලා තිබුනු ලේ සුද්ද කරපු එක වෙද්දි මැහුම් දාන්න තරම් ලොකු නොව්නත් සාමාන්යෙන් ටිකක් පලල් තැල්මක් එක්කම තිබුනු තුවාලෙට සර්ජිකල් යද්දි දැනුන වේදනාවට යෂ්ගේ කටින් ලා සද්දයක් පිට උනේ යසස් ඉන්න තැනින් ටිකක් යෂ්ගේ පැත්තට නැවිලා තුවාලෙට කටින් පිබිද්දි වෙද්දි යෂ් ඒ මුලු වෙලාවෙම බලාන් හිටියේ යසස් දිහා වෙද්දි බෙහෙත් දාද්දි කොල්ලාගේ මූණේ වෙනස් වෙන ඉරියව් හරි අපූරුවට යෂ් දැක්කා.
" දැන් හරි. "
සර්ජිකල් දාලා පිස්ස තුවාලේ ආයෙත් සේලයින් වතුර වලින් පිස්ස යසස් ගෝස් කෑල්ලකට බෙටාඩින් ක්රීම් එකෙන් ටිකක් දාලා ඒක තුවාලෙන් තියලා බේබි ප්ලාස්ටර්ස් ගැහුවේ දුබුරු පාට ප්ලාස්ටර් එක ගැහුවොත් ගලවන්න අමාරු වෙන නිසා.
" ඔහොම ඉන්නවා තාම ඉවර නෑ. කොහෙද යන්නද මෙච්චර හදිස්සි තමුසෙට. ඉන්නවා බෙහෙත් දාලා ඉවර වෙනකම්. "