𝙾𝚇𝚈𝙶𝙴𝙽.
නොදන්න නමුත් හිතින් විදවන සිහේලට හොරෙන්ම යසස් ගියේ ලිහේෂගේ සොහොන් කොත තිබුනු තැනට. අරලිය මල් ගහක් වෙනුවට එතන රජ කලේ රතු රෝස පදුරක්. හරිම අමුතුයි නේද. ඒත් ආසම මල රතු රෝස උන ලිහේෂගේ අදුරගන්නවත් බැරුව සීල් වැදුනු පෙට්ටියේ තැම්පත් කරලා තිබුනු බොඩි එක තනි කරන්න බැරි නිසාම හැම සොහොන් කොතක්ම අරලිය ගහකින් හැඩ වෙද්දි මේ යෞවනයගේ සොහොන් කොත විතරක් රතු රෝස පදුරකින් හැඩ උනා. ඒකත් හරියට ලිහේෂව තනි නොකරන්න වගේ හැම වෙලාවකම මල් පිපිලා තිබුනේ සොහොන් කොත ලග දනගහගත්තු යසස් පදුරෙන්ම නෙලා ගත්තු රෝස මලක් පිගන් ගඩොල් වලින් නිම වෙලා ලිහේෂගේ නොමැකෙන හිනාවත් එක්කම තියෙන පින්තුරේ තියෙන සොහොන් කොත උඩින් තිබ්බේ මෙච්චර වෙලාම හිරකරගෙන උන්නු කදුලු සිමා මායිම් පන්නගෙන පල්ලම් බහිද්දියි.
" ඉතින් පරිස්සමින් ඉන්නවද බන්. උබට අපිව අමතක වෙලා එහෙම නෑනේ. එහෙම කලොත්නම් ඉන්න තැනකට හොයාන් ඇවිත් ගහලා යන්නේ පගයට.... "
" අනේ ඇයි බන් මෙහෙම මගින් දාලා ගියේ. අපිව අතෑරපන්. උබටම කැප වුනු උබ මත්තෙම නැහුන එකාව මගින් අතෑරලා උබ ඔහොම කිසිම ගානක් නැතිව ගියේ කොහොමද කියපන් මැණිකේ. අපි ඇහේ මූණේ තියන් රැක්ක අපේ පොඩි එකා අද නොඑන්නම ගිහින් කියලා කොහොමද බන් අපි විශ්වාස කරන්නේ. ඔය හිනාව නොදැක පිස්සු වගේ බන්. ඉන්න තැනකින් ආපහු එන්න බැරිද බන්. අරූට තියා අපිටවත් අන්තිම පාරට උබව බලන්න බැරි උනා. එච්චරටම උබට ඩැමේජ් උනේ කොහොමද රත්තරනේ. පොඩි කාලේ පොඩියට හීරුනත් ඒ හීරුන එක ලොකු කරන් නැටුව අපි කොහොමද බන් එච්චරටම උබට තුවාල උනා කියලා පිළිගන්නේ. මේවා හීනයක් නේද. අනේ කියපන්කෝ වස්තුවේ. අරූට උබව අමතකම වෙලා ගියත් උට උබ නැති අඩුව තනිකම පාලුව දැනෙනවා. නිකමට හිතපන් එහෙනම් උට උබව මතක තිබුනනම්. උගේ පපුව පැලිලම මැරිලා යයි බන්. උබට තිබුනේ තනිය නොයා ඌවත් ඇදගෙනම යන්න බන්. එහෙනම් ඒ ලස්සන ආදර කතාව ඒ ලෝකෙත් හරි ආදරණීයව ගලාගෙන යයි කියලා අපි හිත හදාගන්න තිබුනා. ඒත් උබලා දෙන්නා දෙතැනක. උබව පණ වගේ රැක්ක ඌ මෙහේ නොදන්න නොතේරෙන හැගීම් හින්දා විදවනවා. උබ ඔහේ සතුටින්ද බන් ඉතින්. ??! "