07

863 51 4
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" පළිගු ආච්චා එක්ක යන්න එහෙනම් හරිද. අයියලා ඉස්කෝලේ යන්න එපේ දරුවෝ. "

" පරිස්සමින් ඉන්න පළිගු අයියලා දෙන්නා එන්නම් ඔයාව එක්ක යන්න හරිද. "

උදේම නැගිට්ට යසස් හසෙල් දෙන්නා ලෑස්ති උනේ ඊයේ නොගිය නිසාම අද ඉස්කෝලේ යන්න. කොරෝනා අනන් මනන් නිසා 13 උන්ගේ 80% නොබැලුවත් යසස්ලාගේ badge එකේ ඉදන් ආයෙත් 80% බලන්න ගන්නේ 13 ට ගියහම ටියුෂන් රිවිෂන් අනන් මනම් උදේ වරුවේ වැටුනම ඉස්කෝල වල ඉන්න වැඩිමල්ම ලමයි හොයන්නවත් නැතිවෙනවා කියලා දන්න නිසා. යසස් හසෙල් junior prefect ලා නිසා හැමදාම ඉස්කෝලේ යන්න ඕන වගේම අත්‍යාවශ්‍යම කාරනේකට ඇරෙන්න කොල්ලොන්ට ගෙවල් වල ඉන්න බැහැ.

ඒත් පළිගුව ඇහෙරෙයි කියලා සද්ද බද්ද නැතුව ලෑස්ති උනත් මොකද ගෙදරින් එලියට බහින්න කලින් පොඩි එකා ඇවිත් යසස්ගේ කකුලක් බදාගෙන අඩන්න ගත්තේ යසස් පොඩි එකාව වඩාගෙන අයියලා දෙන්නා එයාව ගන්න එන්නම් වගේම යද්දි ආච්චි අම්මා එක්ක යන්න කියද්දි වෙද්දි පොඩි එකත් ඔලුව වනලා යසස්ගෙයි හසෙල්ගෙයි කම්මුල් දෙකට හාදු දීලා එයාටත් දෙනකම් බලාන් ඉදලා ආච්චි අම්මා අතට ගියා කොල්ලෝ දෙන්නා පොඩි එකාටත් අත වනාගෙනම ගෙයින් එලියට බහිද්දි.

" ආ උබලා ආවද. අදත් ලෙඩ නිවාඩු දාන්නනේ තිබුනේ. "

" ලෙඩ නිවාඩු දාන්න තිබුනා අපිටත් උබට වගේ 365 දවසෙන ලෙඩනම්. නැද්ද මචං. "

ගේට් එකෙන් ඇතුලට ආවත් හරි කොල්ලෝ ටිකත් එක්ක ඇරියස් එකේ ඉන්න සවියා එහෙමත් නැත්තම් සවින් එහෙම කියාගෙනම කොල්ලෝ දෙන්නා ඉස්සරහට ආවේ යසස් හරහට කනේ පාරක්ම උට ගහද්දි.

" ඒක නෙවේ. මොකක්ද මේ පුංචි පවුල රත්තරං සීන් එක. "

සවින් නෝන්ඩියට යසස්ගෙන් අහද්දි යසස්ගේ අත්මිටි මෙලවුනත් බැජ් එකට ආදරේ හින්දම කොල්ලා කලේ හිනාවක් විතරක් දීලා එතනින් ගිය එක වෙද්දි සවින් උට ඕන වුන දේ නොව්න නිසා යසස් යන දිහා බලාන් හිටියෙම කේන්තියෙන් වෙද්දි කාට නැතත් මේ දිහා ඈත ඉදන් බලාන් හිටපු HP ටනම් තේරුනා මුන් දෙන්නා කියන්නේ එකම පාරක මුන් දෙන්නාගේ හුස්මකටවත් යන්න දෙන්න හොද නැහැ කියලා.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now