𝙾𝚇𝚈𝙶𝙴𝙽.
ඉතින් ලිහෙෂ ආයෙත් සුපුරුදු ජීවන රටාවට හුරුවෙලා දැන් සති තුනකටත් වැඩී. මාස දෙකකටත් වැඩියෙන් ඇදකම හිටපු නිසා කකුල් අතපය හොල්ලද්දි මුලින් මුලින් වේදනාවක් දැනුනත් දැන් දැනෙන්නේ නැති තරම්. ඇගට පණක් නැතුව තිබුනු ගතිය සිහේල නිසාම සතියකින් විතර ඇරිලා ගියේ සිහේල කවන්න ගියහම ඒකේ ඉවරයක් නැති නිසා. හැබැයි සිහේල. තාමත් නැවතිච්ච තැනමයි. එක මානසික රෝගයකින් පීඩා විදින්නෙක්.
" සිහේල උබ practice යන්නද ඔය. "
" ඔව්. අනිද්දා මැච් එකනේ. "
නිල්පාට practice kit එකක් ඇදලා උන්නු සිහේලගෙන් හසෙල් ඇහුවේ දැන් සතියක් විතර කොල්ලා කොහොමත් ප්‍රැක්ටිස් නොයා ගෙදර හිටපු නිසා. හැමෝම සුපුරුදු පරිදි තමන්ගේ වෙහෙසකර ජීවන රටාවට පුරුදු උනා. සිහේල ලිහේෂ පවා.
" ඔය දෙන්නා මොකද තාම මෙතන කරන්නේ ඉස්කෝලේ යන්නැද්ද. "
" අද සෙනසුරාදා. "
" ඉතින් යකෝ clz නේද 2ට. ලෑස්තිවෙනවා දෙන්නම. මම ගිහින් දාන්න. "
වෙලාව 12.45 වෙලා සටහන් උනත් මොකද මේ බැදීමේ ඉන්න ලාබාලම සහෝදරයෝ දෙන්නාට තවමත් clz යන්න තරම් උවමනාවක් නැති හැඩයි. මොකද දෙන්නම හිටියේ TV එක ඉස්සරහා ඉදගෙන කාටූන් එකක් බල බල. ඔතන කාටූන් එක රසවින්දේ යුහාර වෙද්දි මෙතුසර රසවින්දේ වෙනමම දෙයක්. ඉතින් යසස්ගේ කෑ ගැහිල්ලට මූනත් දෙක කරන් යුහාර කාමරේට යද්දි මෙතුසර ඇදුම් ටිකත් අරන් යසස්ගේ කාමරේට යන්න කියලා හිතාගෙන පඩිපෙල නැගලා කාමරේට ගියත් මොකද කොල්ලා දොර ලගම නැවතුනේ තමන්ට ඉස්සරහයින් තියෙන දර්ශනේ දැකලා.
" ඔහ්... ඔයා. "
උඩට ඇදන් උන්නු හූඩිය ගලවන ගමන් හිටපු යුහාර මෙතුසරගෙන් ඇහුවේ දැනටමත් මෙතුසරගේ කන් දෙක රතු වෙලා තියෙද්දි. හැබැයි යුහාර. එයා සම්පූර්ණෙන්ම ඒකේ කන පිට. මොකද යුහාර මේ වෙනකොටත් චෙරි ගෙඩියක් තරමටම රතු වෙලා හිටියේ. ඉතින් මෙතුසර ඇරිලා තිබ්බ දොර වැහුවේ කාමරේ ඇතුලට යන ගමන්මයි. ටිකෙන් ටික මෙතුසර යුහාර ලගට ලං වෙද්දි යුහාර හිටියේ තවත් යන්න තැනක් නැතුව. මොකද ඇද කොල්ලට හරස් වෙලා තිබුනා.