𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" උට්ටෝ ඔතනින් නෙවේ මෙතනින් බල්ලෝ. "
" පිස්සුද පගෝ මෙතනින් තියන්න කිව්වේ බලපන් ඇස් කන් ඇරලා අර කතිරයක් ගහලා තියෙන්නේ. "
" ඒ කතිරේ ගහලා තියෙන්නේ කනා මුට්ටි වලට යකෝ. අතනින් වරෙන් යන්න. "
බුද්ධිකයි සිහේලයි මේ මරාගන්නේ ගෝනි ටිකකුත් උස්සන් යසස් තියන්න කිව්ව තැනට. එකෙක් තව පැත්ත පෙන්නද්දි තව එකෙක් වෙන පැත්තක් පෙන්නනවා. බුද්ධික සිහේලගෙන් දැන් කීප පාරක්ම ගුටිත් කෑවා. ඒ අස්සේ අනිත් කොල්ලෝ ගම ගෙදර වැඩ කරනවා. Prefect ලා විතරක්ම නෙවේ මේ 13 හැම අංශෙකම කොල්ලෝ මේකට බැහැලම වැඩ කලේ ආයේ මෙහෙම දවසක් ජීවිතේ එන්නැති නිසා.
" පොල් අතු වියන්නවත් යමන් ඉතින් දැන්. "
" උබේ වස්තුව අන්න අරෙහේ කර වෙනවා. ගිහින් ඒක බලපන් පගෝ. ඌ රතුවෙලා හිටියේ. "
" මම ඒක බලාගන්නම් උබ පලයන්කෝ එහෙනම්. "
සිහේල බුද්ධිකව 13 විද්‍යා අංශයට පැන්නුවේ පොල් අතු වියපන් කියලා. එහෙන්මම අව්වට වෙලා අව්ව තපිනවා වගේ අව්වට වෙලා හිටන් ඉන්න ලිහේෂ ලගට ගියේ කොල්ලා දැනටමත් රතු වෙලා කියලා ඈතටම දකිද්දි.
" බබා. යන්න අර හෙවනට. රතු වෙලා චෙරි ගෙඩියක් වගේ. "
" එහාට වෙනවකෝ අස්සේ රිංගන්න එන්නේ. "
සිහේල ලිහේෂගේ කම්මුලක් මිරිකලා ඒ උරහිසකින් නලල තියලා නලලේ තිබුනු දාඩිය ටික පිහලා දැම්මේ ලිහේෂ සිහේලව ටිකක් එහාට කරද්දියි. කවුරු හරි මේ දෙන්නට මතක් කරන්න මේ පෙම් කෙලින්නේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක මැද්දේ කියලා ඒකත් මුලු ඉස්කෝලෙම කාර්යබහුල වෙලාවක කියලා.
" අඩෝහ් සිහේල වරෙන්කෝ. මේ මේ සයිස් ඇතිද මේක කැපුවා. "
" කෝ පෙන්නපන්. "
කොල්ලෙක් පැවිලියන් එකේ ඉදන් කෑ ගහද්දි සිහේල ලිහේෂවත් ඇදන් එතන්ට ගියේ කොල්ලෝ තුන් දෙනෙක් රිජිෆෝම් වගයක් ඔලුවේ ඉදන් නාගෙන කපනකොට. එක කොල්ලෙක් කපලා තිරෙන රව්මක් පෙන්නලා ඇතිද අහද්දි සිහේල ඒ දිහා ටිකක් වෙලා බලාන් ඉදලා ඔලුව වැනුවේ තව කොල්ලෙක් රව්ම් දෙකක් උස්සලා සිහේලට පෙන්නද්දි.