𝙾𝚇𝚈𝙶𝙴𝙽
" කොහෙද යකෝ මගේ දුව. තොපිලට පොඩි ලමයෙක්ව පරිස්සම් කරගන්න බැරිද. "
" සමාවෙන්න මේඝ අපි හැම තැනම බැලුවා ඒත් අයුකි කොහෙවත් නැහැ. "
" හොයපන් යකෝ හොයපන්. ඒ තමා මගේ පණ. ශිට්. "
ඉතින් අහන්න තියෙන්නේ දැනෙනවද වටිනම කෙනෙක් නැති වුනහම දැනෙන වේදනාව. අවුරුදු ගානකට කලින් එක කොල්ලෙක්ට දුන්න ඒ වේදනාව දැනෙනවද. ඉතින් සුහිරු කිව්ව විදිහටම කුමාර් ඒ පොඩි කෙල්ලව ඉස්සුවා. දවස් දෙකක් යන්න කලින් මේඝගේ ගෙදර එකම කාලගෝට්ටියක් උනේ මේඝට තමගේ දුවගේ මේ අසාමාන්‍ය අතුරුදන් වීම බියක් එක්කරලා තිබුනු නිසා.
" hello. "
___________________
" මොකක්. අපි එනවා. "
____________________
එතන හිටපු මේඝගේ යාලුවෙක්ට කෝල් එකක් ආවේ ඔහු කෝල් එක කට් කරලා කලබලෙන් මේග දිහා බලද්දි. ඉතින් ඒ කලබලේම ඇති මේඝව තව තවත් බය කරන්න. නිකමට එදා ඒ අහිංසකයට ජීවත් වෙන්න ඉඩ දුන්නනම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැති බව මේඝට තියා ඒ අහල පහල අයටවත් තේරුනේ නැහැ.
" මචං මේඝ මේක අහලා කලබල වෙන්න එපා. #### road එකේ පොඩි කෙල්ලෙක්ගේ බොඩි එකක් තියෙනවලු. ඉතින් මම ක්.... "
" ඇති යකෝ ඇති. මගේ දුවට එහෙම මුකුත් වෙලා නැහැ. "
" නැහැ මචං මම කියන්නේ නිකන් ගිහින් බැලුවොත් හොදයි නේද. අනික ඒ අයුකිමයි කියලා අපි කිව්වේ නැහැනේ. "
පිස්සෙක් ගානට හැසිරෙන මේඝගේ උරහිසට තට්ටුවක් දාන ගමන්ම මේඝගේ යාලුවා රුහිර කා එකේ කී එකත් අරන් එලියට බැස්සේ මලමිනියක් ගානට මේඝත් ඒ පිටිපස්සෙන්ම ගිහින් කා එකට නගිද්දි.
" අ.. අයුක්...කි "
වචන පැටලි පැටලි වුනත් මේඝට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි. ඔව් ඒ හිටියේ මේඝගේ මුලු ලෝකෙම උන අයුකි කිව්වොත් විශ්වාස කරනවද. කිව්ව තැනට යද්දිත් එතන police ආරක්ෂාවත් එක්කම පටි ඇදලා තියෙද්දි මේඝ ගියේ ඒ තමන්ගේ දුව නොවෙන්න කියලා දෙවියන්ගෙන් දහස් වතාවක් ඉල්ලන ගමන් උනත් සුදු රෙද්දෙන් වහලා තිබුනු ශරීරය police officer කෙනෙක් විසින් නිරාවරණය කරද්දි මේඝට දැනුනා තමන්ගේ මුලු ඇගම පණ නැති වෙලා යනවා කියලා.