20

661 47 2
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" මාමා කොහොමද ඔච්චර දුකක් වින්දේ. ඇයි තමන් නිර්දෝෂි කියලා කෑ ගහලා ලෝකෙට නොකිව්වේ. "

මෙච්චර වෙලාම මෙතුලගේ අතීතේ ගිලිලා හිටපු හැම කෙනෙක්ම නැවතත් වර්ථමානයට ආවේ යසස්ගේ ප්‍රශ්නයත් එක්කමයි. ඔව් ඒක හැමෝගෙම හිත්වල තිබුණු ප්‍රශ්නයක්. මෙතුල වැරදි නැහැ. හැබැයි සමාජය විසින් එදා මෙතුලව වැරදිකාරයෙක් කලා. ඉතින් මෙතුලට තිබුනා තමන් වෙනුවෙන් කෑ ගහන්න. තමන් වෙනුවෙන් නැගී සිටින්න. ඒත් මෙතුල කලේ ඒ හැමදේකින්ම පැනලා ගිහින් අවුරුදු පහලවක් කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙන විදිහටම අතුරුදන් උන එක. අඩුම මෙතුල තමන් වෙනුවෙන් ජීවිතේ ලන්සු තිබ්බ ඔහුගේ සදටවත් සමු දුන්නේ නැහැ.

" මට ඕන උනේ නැහැ කෑ ගලා මම වැරදි නැහැ කියලා ඔප්පු කරන්න. ඒක මම මගේ විදිහට විසදන්නම්. "

" ඔයාගේ විදිහට කොහොමද ඔයා ඔය ප්‍රශ්නේ විසදන්න හිතාන් ඉන්නේ මාමේ. තාමත් මේ සමාජෙට මෙතුල කියන්නේ එක මිනීමරුවෙක් වෙනකොට ඔයා කොහොමද ඒක විසදන්නේ. "

" මෙතුල කියන්නේ මිනීමරුවෙන් නොවෙන්න පුලුවන්. ඒත් සුහිරු කියන්නේ කව්ද කියන්න උබලා තාම දන්නෑ. "

" මෙතුල උනත් සුහිරු උනත් ඒ මාමායි. අතින් පයින් විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා නැති ප්‍රශ්නත් තියෙනවා. "

ඔව් හසෙල් කිව්ව දේ හරි. මෙතුල කියන්නේ තාමත් මේ සමාජෙට එක මිනීමරුවෙක් වෙද්දි මෙතුල කිව්වේ ඒ දේ සුහිරුගේ විදිහට විසදන්නම් කියලා. ඒත් ප්‍රශ්නයක් විසදන්න පුලුවන් ආකාර දෙකක් තියෙනවා. අතින් පයින් වගේම කතා කරලා හැබැයි ඔය දෙකම බැයිනම් විසදන්න පුලුවන් දරුනුම විදිහට මිනිස්සු ප්‍රශ්න විසදනවා. ඒ අඩි හයක් යටට යවලා. මේලෝකේ බොරු කියන්න ඕන නැති දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඩොක්ටර් එක්කෙනෙක් ලෝයර්. ඒ දෙන්නාට බොරු කලොත් එක්කෝ අඩි හයක් යට එක්කෝ අඩි හයක් උඩ. සුහිරු කියන්නේ ඔය දෙකම කරන කෙනෙක්. තමන්ගේ මාර්ගෙට කෙනෙක් බාධාවක් කියලා ඉවෙන් හරි දැනුනොත් එක්කෝ ඒ කෙනා අඩි හයක් යට නැත්තම් කොහේ හරි කනුවක අඩි හයක් උඩ.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now