𝙾𝚇𝚈𝙶𝙴𝙽.
දෙයක් කියන්නම්. ආදරේ හිතට දැනුන මොහොතෙම කියන්න නැත්තම් ජීවිතකාලේ පුරාවටම පසුතැවෙන්න වෙයි. හරියට මෙතුල වගේ. ඉතින් හදවතට ආදරේ දැනෙන මොහොතෙම ඒ දේ කියන්න. නැත්තම් අපරාදේ. එකමොහොතක් මගැරෙන්න දීලා මුලු ජීවිතේම මගඇරගන්න එපා. ඒක හරිම පව්කාරකමක්.
" මෙතුසර අයියේ. "
" යුහාර මොකද මෙහේ. "
පංතියේ ඉදගන උන්නු මෙතුසර ගැස්සුනේ ඉදපු කල්පනා ලෝකෙට ඈතින් වගේ යුහාරගේ කටහඩ ඇහුන නිසා. එතන යුහාර විතරක් කියන්න බැහැ. එතන ඉස්කෝලේ HP DHP Cricket team captain Vice captain කියන අනිත් හතර දෙනත් උන්නා. ඉතින් හිස් පීරියඩ් එකක් වුන ඒ කාලේ ගුරුවරයෙක් පන්තියේ නොහිටියත් ලමයි සේරම වගේ පන්තියේ හිටියේ පන්තියේ දොර ලග ඉදන් මෙතුසරට අත වනන යුහාර ඇතුලු නඩේ වගේම පන්තියෙන් ඇතුලේ ඉන්න මෙතුසර දිහත් මාරුවෙන් මාරුවට බලන ගමන්. මුලු ඉස්කෝලෙම වගේ දන්නවා යුහාර මෙතුසර කියන්නේ මේ හතර දෙනාගේ පොඩිම මල්ලිලා කියලා. ඉතින් හුගක් පොඩි කොල්ලා වගේම ලොකු කොල්ලොත් වචනයක් කතා කරද්දිත් මේ දෙන්නා එක්ක පරිස්සම් උනා.
" එන්නකෝ අප්පා. ඔතන්ට වෙලා පුටු රත් කරන්නැතුව. "
" හා හා ඉන්න නැගිටිනකම්. නැත්තම් දෙන්නම වැටෙයි දරුවෝ. "
මෙච්චර වෙලාම දොර ලග විතරක් ඉදන් අත වැනුව යුහාර පන්තිය ඇතුලට ඇවිත් අන්තිම පේලියේ කොනේම වාඩිවෙලා උන්නු මෙතුසර ලගට ගිහින් අතකින් අදින්න ගත්තේ කොල්ලාට වඩා තුන් ගුණයක් විතර උස මහත මෙතුසර පොඩ්ඩක්වත් හෙල්ලෙන් නැතිවෙද්දියි. බැරිම තැන මෙතුසර නැගිට්ටේ පුටුවත් පිටිපස්සට කරන් වෙද්දි ඒකෙන් ගැස්සුන යුහාර පිටිපස්සට ගියත් පිටිපස්සෙ බිම වැටිලා තිබ්බ තඩි පොත් බෑග් එකේ කකුල පැටලිලා පොලෝ මාතාව සිපගන්න ගියත් එහෙම කිසිම සිපගැනීමක් නොවුනේ මෙතුසර යුහාර වැටෙනවා දැක්ක හැටියේ අඩියක් ඉස්සරහට තියලා යුහාරගේ ඉණ වටේ අත දාලා වැටෙන්න නොදී ලගට ඇදලා ගත්තේ යුහාර එහෙන්මම ගිහින් මෙතුසරගේ පපුවේ නවතිද්දි. ඒ එක්කම පංතියේ ලමයි සේරටම හීල්ලුනේ ඒ සිද්දිය නිසා උනත් දොරෙන් එපිට ඉන්න හතර දෙනා කටට ආව කුප්ප හිනාව නවත්ත ගත්තේ මෙතුසර කරකියාගන්න දෙයක් නැතුව වගේ යසස්ලා දිහාට යුහාරවත් ඇදගෙන එනවා දැකපු නිසා.