𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" ආශ් කව්ද ලිහේෂ කියන්නේ. "
ඉතින් තත්පර විනාඩි දින සති ගෙවිලා ගිහින් මාස දෙකකුත් ගෙවිලා නොදැනුවත්වම. සිහේල හොද අතට හැරෙන ගමන්. කොල්ලා colombo campus එකට උඩින්ම තේරිලා තිබුනේ ලිහේෂ යසස් හසෙල් තුන්දෙනත් තේරෙන ගමන්. ඒත් යසස් හසෙල් දෙන්නා සිහේල එක්ක කැම්පස් ගියත් ලිහේෂ කියන ඒ මතකයක් විතරක් උනු පුද්ගලයා ආය කිසිම දවසක ඒ බැදීම් අතරට නොඒවි.
කැම්පස් එකේ කොච්චර කෙල්ලෝ හිටියත් සිහේලට ඒ කිසිම කෙල්ලෙක්ට හිත ගියේ නැහැ. කැම්පස් එකේ රැග් සීසන් එක ඉවර වුනත් සෝෂල් එකට තව කල් තියෙනවා. Practice වැඩ ඉගන ගන්න වැඩ සිහේල හිතුනෙම දෙක බැලන්ස් කරන් කරන්නේ කොහොමද කියලා. වෙලාවකට කොල්ලටම පිස්සු වගේ. ජීවිතේ හරි පුදුමයි නේද.
කොච්චර තමන් වටේ පිරිස හිටියත් සිහේලට දැනුනෙම කොහෙම හරි හිස්තැනක්. කාවම හරි මගහැරිලා කියලයි. කොච්චර කල්පනා කලත් තද ඔලුවේ කැක්කුමකින් එහාට කිසිම දෙයක් කොල්ලාට කල්පනා වෙන්නේ නැහැ. ජීවිතේ කොච්චර සතුටු උනත් ඒ හැම තැනකදිම කොල්ලාට ලොකු හිස්තැනක් දැනුනා. කියාගන්න නොතේරෙන මහා පාලුවක් තනිකමක් ඒ හිත වෙලාගෙන තිබුනා. යසස්ලා තමන්ට නොකියන හැබැයි මේ ගෙදර අනිවාර්යයෙන් කියවෙන නමක් තිබුනා ඒ " ලිහේෂ ". කොල්ලා යසස්ගෙන් හසෙල්ගෙන් අයියලාගෙන් මල්ලිලාගෙන් කොච්චර ඒ කව්ද කියලා ඇහුවත් ඒ වෙලාවට එයාලා කලේ සිහේලව මග ඇරිය එක. හැබැයි ඒ හැම වෙලාවක ඒ ඇස් තෙත් වෙන විදිහ සිහේල ඕන තරම් දැකලා ඇති.
" උබට practice නේද. එහෙනම් පරිස්සමින් පලයන්. ගන්න අයියා ඒවි. "
" ම්ම්ම්ම්. "
ඉතින් සිහේල යසස්ටත් අත වනාගෙන practice වලට ගියේ 19 පහල ටීම් එකේ දස්කම් නිසාම national ටීම් එකේ තමන්ගේ තැන කොල්ලාට රැකගන්න පුලුවන් වෙද්දි. National ටීම එකේ බාලයා සිහේල වෙද්දි හැමෝම වගේ සිහේලට ආදරේ කලත් කොල්ලට ඒ හැම වෙලාවකම කාවම හරි මග හැරුනු කාවම හරි මතක් වෙන ගතියක් මේ මාස දෙක පුරාවටම තිබුනා තවමත් තියෙනවා.
" ඇයි මට මේක කලින් උනා කියලා හිතෙන්නේ. "
Ground එකට ගියත් හරි ටීම් එකේ කොල්ලෙක් තවත් කොල්ලෙක්ව උස්සන් බෙන්ච් පැත්තට යන දිහා සිහේල බලාන් හිටියේ කිසිම හැගීමක් නැතිව. සිහේලට හිතුනා මේක කලින් තමන්ට වෙලා තියෙන බව ඒත් කවද්ද කොහොමද කියන මතකය සිහේලගෙන් ගොඩක් දුර ගිහින් තිබුනා.