23

605 39 2
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" ඩොක්ටර් හර්ශ. "

" වාඩි වෙන්න. "

" අපිට දැනගන්න ඕන මෙච්චරයි uncle ගගන කොහොමද නැති උනේ. "

" එදා තරම් මෙතුල මතක් කරන්න අකමැති දවසක් තවත් නැතුවැති. ඇත්තටම එදා මෙතුලගේ birthday එක දවස. අපි හැමෝම සප්‍රයිස් පාටි එකක් දෙන්න ලෑස්ති උනේ. ඉතින් ගගන තමා මෙතුලව එක්ක එන්න ගියේ රෑ 10 පහු වෙලා විනාඩි ගානක් එතකොට. ගගන මෙතුලවත් අරන් කා එකේම ආවේ ටිකක් වේගෙන් මොකද වෙලාව යන නිසා  කොහොම හරි මෙතුලගේ වදේ නිසාම ගගන කා එක නවත්තලා බැහැලා ඊට ටිකක් ඉස්සරහයින්ම සුපර් මාකට් එකක් තිබුන නිසා. ඒත් දොර ඇරන් බහිද්දිම ඉස්සරහයින් ආව කා එකට ගගන හැප්පිලා තිබුනා ඒ වැදිච්ච පාරට කා එකේ දොරත් ගලවන් ගිහින් තිබුනා. මෙතුල හිටියේ ශොක් එකෙන්. ඊට ටිකක් එහයින් තමා අපේ රෙස්ටුරන්ට් එක තිබුනේ. අපිට ඕවා ඇහුන්නෑ ඩි.ජේ එක නිසා. කොහොම හරි මෙතුල කියලා තියෙනවා ගගනව hospital ගෙනියන්න උදව් කරන්න කියලා ඒත් ඒ කා එකේ ආපු කොල්ලෝ තුන් දෙනා ආපහු තුන් පාරකට වඩා ගගනව යට කරන් එහෙට මෙහෙට ගිහින් තිබුනේ මෙතුල බලාන් ඉද්දි. ඉතින් ගගනගේ මලගෙදරින් පස්සේ අපි මෙතුලව දැක්කේ නැහැ එදා මගෙන් බෙහෙත් ගන්න එනකම්ම. හැමෝම කිව්වේ මෙතුලගේ වරදින් ගගන නැතිවුනා කියලා ඒත් එදා cctv records ටිකත් මෙතුල කොපි කරන් delete කරලා තිබුනේ මෙතුලට උගේ අත් දෙකෙන්ම මිනී මරුවෝ ටික උඩට යවන්න ඕන කියපු නිසා. "

" මොන මිනිහටද දෙයියනේ මිනිහෙක්ව යට කරන් හතරපාරක් යන්න පුලුවන්. ඇගත් එක්ක හිරි වැටුනා. "

" ගගනව එදා දැක්කානම් ඔය ලමයි ආයෙත් කෑම කන එකක් නැහැ. මෙතුල මෙහෙම හරි දරාන් ඉන්න එකම ලොකු දෙයක්. "

" thanks doctor. අපිට ඒක දැනගන්න ඕන උනේ. එහෙනම් අපි යන්නම්. "

යසස් හසෙල් සිහේල වගේම ලිහේෂත් හර්ශට සමුදීලා වැව රව්මට ආවේ ඒ එන අතරමගත් යසස්ට ඩොක්ටර් හර්ශ කියපු දේවල් මතක් වෙද්දි. මිනිහෙක්ට එච්චර දෙයක් කරන්න පුලුවන්ද. ඒකත් තමන්ගෙන් උදව් ඉල්ලද්දිම. ඉතින් යසස්ට තේරුනා මෙතුල මෙහෙම වුන එකේ කිසිම අසාධාරණත්වයක් නැහැයි කියලා. යසස් තීරණේ කලා මොන දේවල් උනත් ඉස්සරහට මාමාගේ පැත්තෙන් හිටගන්න. මෙතුල කොච්චර එදා තමන්ගේ ආදරේ උදුරගත්ත ඒ මිනිස්සු හතර දෙනාට වෛර කලත් ඒ පව්ල් වල අයට එක හීරිමක්වත් කලේ නැහැ. අයුකි පවා පරිස්සමට ඉන්නේ ඒ නිසාමයි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now