𝙾𝚇𝚈𝙶𝙴𝙽.
මලීෂව පිටිපස්සට තල්ලු කරලා දැම්ම හසෙල්ගේ අත නතර උනේ මලීෂගේ කම්මුලේ වෙද්දි ඒ සද්දේ බැල්කනි එකේ දෝංකාර දුන්නේ මුලු පරිසරයක් නිශ්ශබ්ද වෙද්දි. වැරදී කියලා දැන දැනත් සමහරු වැරදි කරනවා හසෙල් කියන්නේ එහෙම කෙනෙක්. හිතින් කොච්චර ආදරේ කලත් ඒ දේ කොච්චර වැරදි උනත් ජීවිතේ පලවෙනි වතාවට හසෙල් කෙනෙක්ට අතක් උස්සව්වා.
" මම යනවා. තමුසෙත් මේ දැන්ම යනවා මේ ගෙදරින්ම. "
හසෙල් මලීෂගේ මූණටම ඇගිල්ල දික් කරලා කීවේ රතු වෙලා තිබුනු ඒ කම්මුල් වලටත් බැල්මක් දෙන ගමන්ම වෙද්දි ඒ රතු උන කම්මුල් දකිද්දි හිත් කොනෙන් නැගෙන සියුම් වේදනාව දරාගන්නම හසෙල් එතනින් එන්න ආවේ මලීෂව ඒ පාලු බැල්කනි එකේ තනි කරලා.
" මාමේ මම ඔයාට කතා කරන්නේ. කොහොමද එහෙම දෙයක් කලේ. "
පල්ලෙහාට යන්න හැදුවත් මෙතුලගේ කාමරෙන් යසස්ගේ කටහඩ ආවේගකාරීව ඇහුන නිසාම හසෙල් මෙතුලගේ කාමරේට ආවේ යසස් මෙතුල දිහාවට දරුණු ගනයේ බැල්මක් දීගෙන මෙතුලගේ ටීෂර්ට් කරෙන් අල්ලන් ඉන්නවා දකිද්දියි. වෙලා තියෙන්නේ එච්චර හොද දෙයක් නෙවේ කියලා හසෙල්ට දැනෙද්දිම සහා වෙන්න යන්නේ හොද දෙයක් නෙවේ කියලා දැනෙද්දි මෙතුලව යසස්ගෙන් ඈත් කලේ මෙතුලගෙ මිටි මෙලවුනු අත් දිහා බලාගෙනමයි. හසෙල් ඒ මැද්දෙන් හිටගනිද්දි යසස් තමන්ව සන්සුන් කරගන්න වගේ හුස්ම ගත්තේ මලීෂ යනවා වගේම සිහේල ලිහේෂ කාමරේට එනවා ඇහෙද්දි.
" උබට මොන මගුලක්ද වෙලා තියෙන්නේ. "
" මගෙන් අහන්න එපා උබේ පිටිපස්සෙන් ඉන්න එකාගෙන් අහපන්. අච්චර අර පුංචි ලමයෙක්ව මරපු මිනීමරුව ඔය තමුසෙගේ පිටිපස්සේ ඉන්නේ. "
යසස් හසෙල්ට පිටිපස්සෙන් ඉන්න මෙතුල දිහාට ඇගිල්ලක් දික් කරලා කියද්දි ඒ එක්කම කාමරේට ආපු සිහේල ලිහේෂ වගේම කාමරේ හිටපු හසෙල් පවා මොහොතකට ගල් ගැහුනේ ඒ කියපු දේ විශ්වාස කරන්න බැහැ වගේ. මෙතුලට එච්චර දෙයක් කරන්න පුලුවන්ද. ඔව්න්ට ආපු පලවෙනි ප්රශ්නේ ඒක හිතට.
" මෙතුලට එහෙම දෙයක් කරන්න බැහැ. ඔව් ඒක ඇත්ත ඒත් සුහිරුට ඕක පොඩි දෙයක් විතරයි කොල්ලනේ. "