08

799 55 10
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" උබ දැන් ඇයි මට ඔහොම කතා කරන්නේ කියලා විතරක් මට කියපන් හසෙල්. "

____________________________________________.

" වෙන කොහොමද කතා කරන්න ඕනෙ. "

" හසෙල් උබ මගෙ මාරයා අව්ස්සනවා. "

" එහාට වෙන්න මට පරක්කු වෙනවා. "

හසෙල්ට ඕන වුනේ මෙතනින් යන්න විතරයි. අච්චර තමන් පස්සෙන් එන කාලේ තමන්ව ගනන් නොගත්ත කෙනා ඇයි දැන් මෙහෙම හැසිරෙන්නේ. ඒක විතරමයි හසෙල්ගේ ඔලුවේ වැඩ කලේ.

" ටිකක් ඉන්නවා තාම intervel ඉවර නැහැනේ. මොකද තමුසෙට ඔච්චර හදිස්සිය. "

" මට කිසි හදිස්සියක් නැහැ. මගේ යාලුවෝ මන් එනකම් බලාන් ඉන්නවා මලීෂ අයියේ. තමුසෙට වැඩ නැති වුනාට මට තියෙනවා. ඒ නිසා කරුනාකරලා ඔතනින් එහාට වෙන්න. "

හසෙල්ට ඉස්සරහයින් දොර අවහිර කරන් හිටියේ වෙන කවුරුත් නෙවේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා උන මලීෂ සහීර් කිව්වොත් මම වැරදි නැහැ. මලීෂ කියන්නේ හසෙල්ගේ ඒකපාර්ශ්වික ආදරේ. එහෙමත් නැත්තම් crush එක. හසෙල් මලීෂව දැනගන්නේ swimming නිසා. මලීෂව දැක්ක පලවෙනි දවසේ ඉදන්ම හසෙල්ගේ හිත මලීෂට ඇලිලා තිබුනත් මලීෂ කලේ හසෙල්ව ගනන් නොගත්ත එක වෙද්දි කොච්චර ආදරේ කලත් හසෙල් තීරණේ කලා මලීෂගෙන් ඈත්වෙන්න. අඩුම මලීෂගේ හෙවනැල්ලෙන් පවා හැංගෙන්න. ඒත් මලීෂ ඉවසන් ඉදලා බැරිම තැනයි හසෙල්ව මෙහෙම හම්බෙන්න ආවා.

" හසෙල් තමුසේ මගේ ඉවසීමේ සීමාව පන්නනවා. මට කියපන් උබට මාත් එක්ක තියන තරහා මොකක්ද කියලා. "

" මට තමුසේ එක්ක කිසිම තරහක් නැහැ. අයින් වෙයන් මනුස්සයෝ. මේක පුදුම කරුමයක් උනානෙ."

හසෙල් මලීෂගේ රත ගහලා තිබුණු ඇස් දෙක දිහා හරි කෙලින් බලාන් උත්තර දුන්නේ ඒ ඇස් වල තියෙන කේෂ නාලිකා වලට තව තවත් ලේ පිරෙද්දි වෙද්දි මලීෂව තල්ලු කරලා එතනින් එන්න ආව හසෙල්ට යාගන්න පුලුවන් වුනේ අඩි දෙකක් විතරනම්. ඔව් හසෙල්ගේ අත අඩුවකට හිර වුනා වගේ උනේ මලීෂ හසෙල්ගේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ලගත්ත නිසා.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now