𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" ඔව් මේ අවස්ථාවේ ******පිල ******පිලට විරුද්දව ලකුණු 185ක් ලබාගෙන සිටින අතර *****පිල කඩුලු 6ක් දවාගෙන තිබෙනවා. "
උදේ පාන්දර මෙතුල ඇවිත් හැමෝවම ඇහැරවව්වේ පිට්ටනියේ ඉන්න ඕනේ උන් වෙලාගෙන බදාගෙන නිදාගෙන ඉන්න නිසාමයි. ලිහේෂ සිහේල දෙන්නම ඇහැරුන අතට ගෙවල් වලට ගියේ practice කිට් එක දාගෙන ground එකට යන්න. මොකද උදේ 10.00 match එක පටන්ගන්න තිබුනත් උදේ 7 වෙනකොටත් කට්ටිය නිදි. මලීෂත් ගෙදර ගියේ යසස් හසෙල් දෙන්නා ඇදගෙන ground එකට එන්නම් කියද්දි. යෂ් two day එක නැතුව one day එක බලන්න එන්නම් කියන පොරොන්දුව පිට ගෙදරින් පිටත් උනේ මෙතුල ආයෙත් ඒ පාලු ගෙදර තනි වෙද්දි.
" ඔව් මේ වන විට කඩුල්ලේ රැදී සිටින්නේ *****නායක සිහේල මන්දිත් සමගින් ලිහේෂ සෙව්මින. ඔව්න්ගේ සබදතාවය ලකුණු 150ක්. කණ්ඩායම් නායක සිහේල ඔහුගේ පාසල් ක්රිකට් දිවියේ තුන් වන ශතකය මේ මොහොතේ වර්ථා කල බව දිස් වේ. "
සිහේල වගේම ලිහේෂ 7 වෙනි කඩුල්ලට 150ක සබදතාවයක් ගොඩ නැගුවේ සිහේල ශතකයක් ගනිද්දි වෙද්දි ලිහේෂ අර්ධ ශතකයක් අරගෙනයි හිටියේ. කොහොම හරි******* ඉනිම අවසන් උනේ ලකුණු 335කින් ඉනිම අත්හිටවද්දි. ඒ එක්කම ****** එකේ ඉනිම පටන් ගත්තත් *****ටීම් එකේ වේගපන්දු යවන්නෝ නිසාම පලවෙනි කඩුලු හතරම ලකුනු 75ක් තුල කඩා වැටුනේ ****නායකයා වෙච්ච රොමේෂ් පස් වෙනි කඩුල්ලට ලකුණු 65ක් එකතු කරලා දැවිලා ගියේ වේගවත් උඩ පන්දුව සිහේල දවාගනිද්දි. ****ඉනිම අවසන් උනේ 315කට all out වෙලා. පලවෙනි දවසේ ජය *****ලැබුනේ හෙට තරගයට සියලුම දේවල් සූදානම් වෙද්දි.
" උබනම් මාරයි ආ. "
" ප්රැක්ටිස් නොකර කලස් පෙන්නපු එකෙන්නම් කෝච් පවා කන්ෆියුස්. "
" මම කිව්වනේ උබලට බය වෙන්න එපා කියලා. නැද්ද බබා. "
" මොකක්ද මොකක්ද ඒ බබා කතාව. උබ ලිහේෂට ලව්ද. "
කොහොම හරි සේරම ඉවර වෙලා සිහේලගේ ශතකෙට පොඩි පාටි එකකුත් කට්ටිය දාලා ආයෙත් මෙතුලලා දිහා එන්න ගත්තේ පහුවෙනිදට ඕන ඇදුමුත් අරන්. මොකද මෙතුලගේ ගෙදර ඉදන් පල්ලකැලේ ස්ටේඩියම් එකට තිබුනේ විනාඩි දහයක දුරක් නිසා. ඒ යන අතර මග බස් එකේදි සිහේල ලිහේෂ යසස් සහෙල් මලීෂ කතාවට වැටුනේ අන්තිමට යසස් අහපු ප්රශ්නෙට සිහේල උත්තර දුන්නත් කට වරද්ද ගත්තේ යසස් සිහේලගේ මූණට එබිලම ඒ ගැන අහද්දි.