𝙾𝚇𝚈𝙶𝙴𝙽.
හැමදේම ඉවරද. එතකොට මේ කතාවට එහෙම අවසානයක්ද තියෙන්නේ. ලස්සනත් නොවන ඛේදනීයත් නොවන අවසානයක්ද. මෙතනින් ඉවරද. සුරිත් කල්පනා කලේ ඒ ඇග. තමන්ගේ බිරිදව නංගිව මල්ලිව මස්සිනාව රැකගන්න බැරිඋනු දුර්වලයෙක්ද තමන්.
" Mr. Ekanayake "
" Mr. Ekanayake!!!. "
" ඔහ් සොරි ඩොක්ටර් මොකක්ද. "
" අපි උපරිම උත්සහා කලා mr. Ekanayake. But ඔයාගේ මල්ලිගේ හාට් එකට අගල් භාගයක් විතර මෙහයිනුයි බුලට් එක නැවතිලා තිබුනේ. ඒකෙන් පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා හාට් එකට. අපි ඔපරේෂන් එකනම් සක්සස්ව ඉවර කලා. ඉතින් එයා සිහිය එනකම් අපිට මුකුත් කියන්න බැහැ. "
" අපිට බලන්න යන්න පුලුවන්ද. "
" ඔව් පුලුවන්. දැන් වෝඩ් එකට දායි. "
සුරිත් හිටියේ වෙනම සිහියක. ඩොක්ටර් දෙපාරක් තුන්පාරක්ම කතා කරලා අන්තිමට ටිකක් හයියෙන් කතා කරාමයි සුරිත් හරි සිහියට ආවේ. කියන්න ඕන ටිකත් කියලා මෙතුලව වෝඩ් එකටත් දාලා ඩොක්ටර් එහෙන්මම ගියේ කොල්ලෝ ටික දඩබඩ ගාලා වෝඩ් එක අස්සට යද්දියි.
" මාමා නැගිටින්නකෝ. "
" උබ හිතුවද ඔපරේෂන් එකක් කරපු ගමන්ම සිහිය එන්න මාමාට අමුතු බලයක් තියෙනවා කියලා. "
මෙතුසර මෙතුලගේ අතක් හොල්ල හොල්ල කියද්දි සිහේල මෙතුසරගේ ඔලුවට ඩෑශ් එකක් ගැහුවේ හැමෝමට හිනා යද්දි. ඉතින් ඒ ජීවිත වල තිබුනු හැම ප්රශ්නයක්ම කියනවට වඩා ඒ ජීවිත වල තිබුනු ලොකුම ප්රශ්නේ ඒ විදිහට විසදුනා. ඒකේ ප්රතිඵලයක් විදිහට අද මෙතුල සිහියක් නැතුව හොස්පිටල් ඇදක් උඩ වැටිලා ඉන්නවා. අනිත් කොල්ලෝ ඔලුව නලල අත පතුරු ගහන් ඉන්නවා ඒත් ඒ හැම හිතකම සැනසීම ඉතුරු වෙලා. ජීවිත වලට තිබ්බ ලොකුම වගේම බයම තර්ජනේ ඒ විදිහට ඉවර උනේ මෙච්චර කාලයක් අදුරෙන්ම තිබුනු මෙතුලගේ වගේම අනික් හැමෝගෙම ජීවිත එළිය කරලා. එයාලාට mafia කියන world එකෙන් ගැලවෙන්න බැහැ. එහෙම උනොත් පාරක තොටක බල්ලෙක් වගේ මැරිලා යන්න වේවි. ඉතින් පණ කෙන්ද රැකගන්නනම් අල්ලන් ඉන්නම වෙනවා.