34

562 40 1
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" ඩෑඩ්. "

" මම එහෙම කියයි කියලද උබ හිතුවේ පුතේ. මම පටු විදිහට හිතන මිනිහෙක් නෙවේ මගේ පුතේ. උබේ සතුටයි මට වටින්නේ නැතුව කෙහෙම්මල් සංස්කෘතියයක්වත්, සමාජයක්වත් නෙවේ. මම ඕන තරම් ඔහොම කපල් දැකලා තියෙනවා. ඉතින් ආදරේ ගැහැනියක් වෙනුවෙන් දැනුනත් පිරිමියෙක් වෙනුවෙන් දැනුනත් ඒක ආදරේමයි. ඒකේ වෙනසක් වෙන්නෑ. අපේ සමාජේ හිතන විදිහෙයි වැරැද්ද තියෙන්නේ. එකක් කියන්නම් යසස් කියන්නේ මගේ බෑනා කොහොමත්. මොකද ඔය මගේ නංගිගේ පුතා. ඉතින් රවට්ටන්න හදන්න එපා. උබ මගේ එකා උනත් මම උබට එදාට සමාවක් දෙන්නෑ අන්න ඒක හොදට මතක තියාගනින්. "

" ඩෑඩ්. "

" මට දුක උබ මට මේක හංගපු එක. මම මෙච්චර උබට open ව ඉදලත් උබ මට මේක හැංගුව එක ගැනයි මට තරහා. උබට මාව ඒ තරමටම මාව අවිශ්වාසද මගේ පුතේ. "

" එහෙම නෑ ඩෑඩ්. මම යසස්ගේ exam ඉවර වෙනකම් ඉන්න හැදුවේ. කොහෙද ඉතින් ඊට කලින් ඔයා දැනගත්තනේ. "

" මොනාද උබ මුමුණන්නේ ඇහෙන්න කියපන්. "

" නෑ නුවර එළියට ගංවතුර ගහලා කියලා කිව්වේ. මම එහෙනම් යන්නම් ඩෑඩ්. "

සුරිත් හිනා වෙවී උඩට යද්දි යෂ් ඔලුවත් කස කස ගෙදරින් එලියට ගියේ එයාගේ panther වත් එක්කමයි. ගොඩ කාලෙකින් panther ව එලියට ගන්න බැරි උනේ කා එකේම එහේ මෙහේ ගිය නිසා. Panther වත් අරන් එහෙන්මම ආවේ ******එක ලගට වෙද්දි තනි කලු වලින් දිලිසෙන බයික් එක දිහාට හැමෝමගෙ අවදානය නොඅඩුව ලැබුනා. සමහර කොල්ලෝ photos ගැහුවා. ඉතින් මේ කිසිම දේකට යෂ් විරුද්ද උනේ නැහැ. යෂ්ලගේ exam ඉවර වෙලා දැන් මාස දෙකක් වෙනවා. ඒ කියන්නේ යෂ් මලීෂ දෙන්නම පාසල් ජීවිතේ නවත්තලා මාස දෙකක් වෙනවා.

ඉතින් මලීෂලාගේ කාලේ ඉවර වෙලා ඉස්කෝලේ භාර ගත්තේ යසස්ලා. යසස් HP වෙද්දි හසෙල් DHP උනේ සිහේල තවමත් cricket captain වෙද්දි වගේම ලිහේෂ Vice captain වෙද්දි. ඉතින් යසස්ලා ඒ හැමදේම අකුරටම ඉෂ්ට කරද්දි ගෙදරට වෙලා ඉන්න බැරි රුදාවක් තියෙන යෂ් මලීෂ දෙන්නා හැමදාම ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ලගට ආවේ කොල්ලෝ දෙන්නාම පැය එකහමාරක් විතර එතන රස්තයාදු වෙද්දි. මොකද යසස්ලා ඉස්කොලෙන් එලියට ආවේ හැම ලමයෙක්ම ඉස්කෝලෙන් ගියාට පස්සේ.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now