𝙾𝚇𝚈𝙶𝙴𝙽.
අමාරුවෙන් උනත් ගෙවලා දාන්නම ඕන කාලයක් මේක. හතිවැටෙද්දි, මහන්සි කියලා මග නතර වෙන්න පුලුවන් සෙල්ලමක් නෙවෙයි මේක. ඉතින් ජීවිතේ කියන සෙල්ලම අපි හැමෝම හැමදාම හති වැටිලා මහන්සි දැනුනත් නතර නොවීම දුවන්න ඕන තරගයක්. ඉතින් යසස් උනත් කරන්නේ ඒකම තමා. ප්‍රෂ්න පිට ප්‍රෂ්න ආවත්, ආදරණීයන් වෙන් වුනත් යසස්ට ඒ ගැන හිත හිත ලත වෙන්න කාලයක් තිබුනේ නැහැ මොකද කොල්ලට තිබුනා පලි ගන්න. පලිගන්නවා කියන්නේ වීර ක්‍රියාවක් නෙවේ කියලා යසස් උනත් දන්නවා. නමුත් මේ බැදීම් අතරේ හිටපු ඒ ආදරණීය පොඩි එකාව එයාලාගෙන් එච්චර ලේසියෙන් දුරස් කරපු උදුරගත්තු මිනිහව ලේසියකට අතාරින්න යසස් කැමති උනේ නැහැ සිහේල කැමති උනත්.
" කොහෙද ඔය යන්නේ. "
" පාක් එකට. "
" ඒ මොන මගුලකටද මෙන්න මෙහෙට වෙලා ඉදපන් සිහේල. ඇයි ආයෙත් ගිහින් අණ්ඩක් කඩාන් එන්නද. "
යසස්ට නොතේරුනා නෙවේ සිහේලගේ වෙනස් වීම. කාට නොතේරුනත් සිහේල කියන්නේ යසස්ට ඇදක් උඩ පෙරලලා දාපු පොතක් වගේ ලේසියෙන්ම කියවන්න ලේසි කතාවක්. ඒත් ඒක කරන්න පුලුවන් දෙන්නයි මේ ලෝකේ ඉන්නේ එක්කෙනෙක් හැබැහින් හුස්ම අල්ලද්දි එක්කෙනෙක් සිහේලගේ මතක අතර විතරක්ම හුස්ම ඇල්ලුවා. ඉතින් ප්‍රශ්න පසුතැවිලි මේ හැමදේකින්ම මිරිකිලා හිටපු සිහේලට ඕන කලේ පැයක් දෙකක් නිදහසේ අහස දිහා බලාන් ඉන්න. ලිහේෂ එක්ක නිදහසේ කතා කරන්න.
" අනේ බල්ලෝ මම ගිහින් ඉක්මනට එනවා. "
" ම්ම්ම්ම් පරිස්සමින් ගිහින් වරෙන්. "
සිහේල කියන දේ අහන්නෙම නැති තැන යසස් කොල්ලට යන්න දුන්නෙත් හිතේ දෙගිඩියාවෙන්. මොකද ඔය යන්නේ සිහේල මිසක් වෙන එකෙක් නොවන නිසා. වෙනදට වඩා කේන්ති යන එක, තනියම කල්පනා කරන එක, රෑ යාමයක් වෙනකම් ඇහැරගෙන ඉන්න එක. හිටි ගමන් නහයෙන් බ්ලීඩ් වෙන එක. ඉස්සර කෑම පේන්න තිබ්බත් ඇති ඒත් දැන් නොකන තරම්. යෂ් කෑ ගහලා හරි කවාගන්න ටික උනහම සිහේල නොකන තරන්. කෙනෙක් වෙනස් වෙන්න පුලුවන් හැබැයි මේ තරම්ම. ඉතින් යසස් බය උනා හිත කියම දේට. ඉතින් මේ දේ කොහොමත් හොද දෙයක් නෙවෙයි යසස්ට තේරුනේ එච්චරයි.