𝙾𝚇𝚈𝙶𝙴𝙽
" prefects ලාට රැස්වීමක් කියලා අන්න prefect room එකට එන්න කිව්වා. "
පංතියේ දොරෙන් එබුන කොල්ලෙක් පංතියේ හිටපු prefects ලාට කෑ ගහලා කියලා එතනින් ගියේ උදේ පාන්දර මොන මගුලකට රැස්වීමක් ගන්න ඕන උනාද කියලා හිතන ගමන්. යසස්ලාගේ පංතියේ හිටියේ prefect ලා 5ස් දෙනයි. යසස්, හසෙල් , නුයෙල්, තරුෂ වගේම ඉමේෂ. පස් දෙනා එහෙන්මම නැගිටලා prefect room එකට ගියේ මේ වෙනකොටත් රැස්වීම පටන් අරන් HP කතාකරන ගමන් ඉද්දි.
" හරි. එහෙනම් හැමෝටම good morning. ඔයාලාට මෙහෙම මීටින් එකක් ගන්න උනේ ලබන මාසේ එන sport meet එක ගැන කියන්න. "
" ලබන මාසේ. "
" ඔව් ලබන මාසේ. මොකද ඉක්මනට තියලා ඉවර කරන්න වෙනවා. ලබන මාසේ 27 වෙනිදා තමා තියන්න ඉන්නේ. ඒ නිසා senior junior prefect ලා සහයෝගෙන් වැඩ කරන්න. හවුසස් හතරේ caption ලා මාව හම්බෙලා යන්න. අනිත් අයට යන්න පුලුවන්. "
හවුසස් හතරේ නායකයෝ ඉතුරු වෙන්න අනිත් හැමෝම එතනින් යන්න ගත්තේ අද ඉදන් ලබන 27 වෙනකම් කන්න ඕන කට්ට ගැන හිත හිත. අව්වේ කර වෙවී වැස්සේ තෙමි තෙමී හැමෝටම ඕන කරන්නේ තමන්ගේ හව්ස් එක first කරන්න. ඒත් ඉතින් හවුසස් හතරක් කියන්නේ එකේ ඒවා හතරක් නෙවේනේ. කාටම හරි හතර තුන දෙක වෙන්නම වෙනවා. ඒත් ඉතින් හව්සස් හතරම එකම ඉස්කෝලෙනේ. ස්පෝට්මීට් කාලෙට හව්සස් බෙදිලා යාලුවෝ මරාගනිද්දි. ඒක තමා ආතල්ම.
" houses හතරේ කැප්ටන්ලා ඉන්නවනේ. හරි. මේ සැරේ කිසිම වැරැද්දක් නැතුව වැඩේ වෙන්න ඕන. ඔයාලා අතේ තමා වගකීම තියෙන්නේ. එහෙනම් කොල්ලනේ good luck. "
මලීෂ එහෙම කියලා කොල්ලො ටිකව පිටත් කලේ මේ වෙලාවේ හැම පංතියකටම වගේ උගන්නන නිසා. මොකද පොර මීටින් එක ගත්තේ උදේ first පීරියඩ් එක මැද්දේ.
" බලනවා වෙලාව. 8.50යි. ඔහොම ගිහින් තමුසෙලා දෙන්නා econ වලට මොනාද ලියන්න හිතාන් ඉන්නේ. හැමදාම එද්දි පීරියඩ් එකෙන් බාගයක් ගිහින්. ඔය බෝල ගැහිල්ලෙන් ඇති වැඩක් තියෙනවද. යනවා ගිහින් ඉදගන්නවා. උදේම මගේ ලේ පුච්චන්නැතුව.... ආ හසෙල් යසස් එන්න. "
" මෙයාට ඉතින් අමුතුවෙන් පුච්චගන්න දෙයක් නෑ කොහොමත් පිච්චෙන ගමන්නේ ඉන්නේ. "