15

720 50 8
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඒත් කිසිම කෙනෙක් නොදන්න ලොකු කතාවක් යසස්ගේ පිටිපස්සේ හැංගිලා තිබ්බා වගේම කොල්ලා කියන්නේ කව්ද කියලා කොල්ලාගේ යාලුවොන්වත් තාම හරියට නොදත්තේ යසස් වෙනමම චරිතයක් ලෝකෙට රගපාන නිසා. යාලුවොන්ට අනූව යසස් කියන්නේ අහිංසක මුරණ්ඩු නාහෙට අහන්නේ නැති කොල්ලෙක් උනත් යසස්ට අනුව ඒක එහෙන් පිටින්ම වෙනස් උනා. ඔව් කොල්ලා අහිංසකයි ඒත් ඒ තමන්ට ලග අයට විතරක්ම වෙද්දි ලෝකෙට යසස් කියන්නේ මුරණ්ඩු කොල්ලෙක් උනා. මේ මුරණ්ඩුකම නිසාම යසස්ගේ පස්සෙන් එන කෙල්ලොත් හුගක් වැඩි උනා.

" කාලා ඉවරනම් අත සෝද ගන්නවා. මම පිගාන සෝදන්නම්. හිටපු කාමරේටම යනවා. "

පළිගුට කවන ගමන් තමනුත් කාලා ඉවර කරපු යෂ් හිටියේ පළිගු ඉන්න නිසා පිගාන හෝදගන්න බැරි වෙද්දි ඒ එක්කම කුස්සියට ආව යසස් යෂ්ගේ අතේ තිබුණු පිගාන තමන්ගේ අතට ගන්න ගමන් කොල්ලාට එහෙම කිව්වේ පළිගු දැනටමත් යෂ්ගේ උරහිසක් උඩ නිදිකිරන බව දැක්ක නිසා. යසස් කිව්ව පමාවට යෂ් අත සෝදගෙන එහෙන්මම උඩ කාමරේට ගියේ මුලු කාමරේම අදුරෙ තිබුනත් ටේබල් ලෑම්ප් එක නිසා ඒ අදුරට කනාමැදිරි එලියක් එකතු වෙලා තියෙද්දි.

යෂ් ඇදට නැගලා එහෙන්මම ඇල වුණේ පළිගු ආයෙත් යෂ්ගේ පපුව උඩට එද්දි. ඉස්සෙල්ලා වගේම අත්කකුල් වලින් යෂ්ව බදාගත්ත පොඩි එකා එහෙන්මම ඒ පපුව උඩ නිදාගත්තේ ඒ පපුව ඒ පොඩි එකාට හුගක් සුවපහසු තැනක් උන නිසා. ඇදට එන්න කලින් ඇදන් හිටපු පෝලෝ ටී එක ගලවලා එතනම තිබුනු පුටුවක් උඩට දැම්මේ කොල්ලාට රස්නයක් දැනුන නිසා.

" මෙච්චර ඉක්මනට නිදිද. "

යසස් කාමරේට එද්දි දැක්කේ උඩට ටී එකක් නැතුව ඉන්න යෂ්ගේ පපුව උඩ නිදාගෙන ඉන්න පළිගුව වගේම පොඩි එකා වැටෙයි කියන බයට යෂ්ගේ අතක් හරි පරිස්සමට ඒ පුංචි ඇග වටේට එතිලා තිබුනා. යසස් දෙන්නම වැහෙන්න ඩුවට් එක පොරවලා ටේබල් ලෑම්ප් එක ඕෆ් කරලා යෂ්ට එහා පැත්තෙන්ම ඇල උනේ හසෙල් කොහොමත් දැන් දොර අරින්නේ නැහැයි කියලා දන්න නිසා. යෂ් ලගින් එන perfume සුවදටයි උණුසුමටයි දෙකටම යසස්ට ඉක්මනට නින්ද ගියේ කොල්ලා නින්දෙන්ම යෂ්ට තුරුලු වෙද්දි. අඩ නින්දේ හිටපු යෂ්‍ට යසස් තුරුලු වෙද්දිම ඇහැරුනේ යෂ් යසස් දිහාම ඇරලා තියන ජනේලෙන් එන හද එලියෙන් බලාන් ඉද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now