👣Chapter 1

1.3K 71 10
                                    


Minji pov 👻

" ඔක්කොම ලෑස්තිද? "

යෝවා කෑගහන්න ගත්තේ ඔක්කොම දඩි බිඩියේ සූට් කේස් අස් කරගන්නකොට...

" මොන රෙද්දක්ද යකෝ කරන්නෙ ඔය මගෙ එක.. "

" සැහ්... සොරි සොරි මිස්ටේක් "

Suzu මගේ ප්‍රයිවට් ඇදුමක් අරගෙන සූට් කේස් එකට ඔබාගන්න යනකොට මම පැනලා ඒක ගත්තෙ නැත්තම් ඒක Suzu ගෙ සුමානෙකින් විතර හෝදල නැති ඇදුම් අස්සෙ හිරවෙලා දුක් විදිනවා..

" මිස්ටේක් තමා තොට තව ටිකෙන් සමාජ රෝග හැදෙන්නෙ.. "

යොන් සූට් කේස් එකත් එල්ලගෙන ශූස් දෙක දාන ගමන් කියනකොට මම ඔරවන් හිටියා... දවසකට දෙතුන් පාරක් නාන මට අනම් මනම් කියන්නේ... පාප මිත්‍රයෝ කියන්නෙ මෙන්න මේ වගේ අයට තමා..

" හරිද?"

අපේ ලොකු අක්ක වගේ ඉන්න... යෝවා කියනකොට අපි ඔලුව පහල වැනුවේ හරි කියන්න...

" යොන් මේ පාරනම් අර ගදගහන මේස් දෙක උස්සන් එන්න එපා.. "

මම කියනකොට යොන් නම් මගෙ පැත්තට දැම්මෙ මූනම් මොකෙක්ද මන්දා වගෙ බැල්මට් එකක්...

" යාහ් යොන් ඒක අයින් කරනවා... යන වාහනෙත් ගදගසන්නෙ නැතිව.. "

" ඕකට ඉතින් කෑගහන්න ඕනෙද ?"

යොන් එහෙම්මම සූට් කේස් එක ඇරලා එයාගෙ ගදගහන මේස් දෙක එලියට ගත්තහම වටේ පිටේ හිටපු අපිත් නහයවල් වහගත්තේ ඒ ගදට පැත්ත පලාතක වාසය කරන්න බැරි නිසා... එයා එහෙම්මම ඒකට ෆර්ෆියුම් එක අරන් ස්ප්‍රේ කරලා ආපහු ඒක ඇතුලට කොටාගෙන යන්න ගත්තා..

" දැන් හරිනේ ඒක දැන් සුවදයි... "

" මොකක්ද අනේ ඕක යන යන තැන උස්සන් යන්නේ.. "

Suzu අමාරුවෙන් සූට් කේස් එක උස්සන් එනගමන් කියනකොට යොන් සංකීර්න මූනක් හදාගන්නකොට අපිත් බය උනා... මොකද යොන් සාමාන්‍යයෙන් සීරියස් වෙන්නෙ මාසෙකට වතාවක් වගේ නිසා...

" මොකෙක් හරි මට කරදරයක් කරන්න ආවොත් කටේ ඔබන්න.. ඒක තමා මගෙ ආයුදේ.. "

යොන් එහෙම කියලා අපාට්මන්ට් එකේ දොරත් වහලා කී එකත් ගන්නකන් අපි හැමෝම හිටියා.. මොකද යොන්ව ශුවර් කරනවට වඩා හොදයි ඔලුව ගිහින් තාප්පෙක වද්දගෙන මැරෙනවා..

☠︎︎Three months☠︎︎Where stories live. Discover now