👣Chapter 19

120 42 18
                                    

Yeon pov

යෝවා කියපු දේවල් ..
ඒ දේවල් විශ්වාස කරන්නෙ කොහොමද ? අප්පලා එතකොට එයල
මට කිසි දෙයක් විශ්වාස කරගන්න බෑ.
අපි හැමෝම නිකන් ශොක් උනා .

යොවා අඩනවා , එතකොට මේ ගෙදර හිටපු කට්ටිය මරලා තියෙන්නේ අප්පලා ද ?
එතකොට මම මෙච්චර කල් අප්පා කියලා තියෙන්නේ ඒ වගේ මනුස්සයෙක්ටද , මිනි මරුවෙක්ටද ?

හැමෝම ඒ වේලේ හිටියේ ලොකු ශොක් එකක .
ටික වෙලාවකින් තමා කට්ටිය මේ ලොකෙට ආවේ .

Minji - එතකොට ඇත්තටම ?

Yowa - අපි .. අපි මේ ගැන උදේට කතා කරමුද ? මගේ ඔලුව රිදෙනවා

Me - අ.. පි

Suzu - ම්ම්ම්

Me - අපි එයලට උදව් කරන්නද යන්නේ එතකොට ?

Sooha - ඔව් අපි මේක කොහොම හරි කරමු

Minji - එයාලට පලි ගන්න ඔනි එතකොට ...

අපි මේ ගැන හෙට බලමු දැන් යමු නිදියන්න , මට මහන්සියි . ජනේල වලින් මුයි අරහෙනුයි මෙහෙනුයි පැනලා , අනික දැන් මේ මහ රෑඇහැරන් හොල්මන් වලට වඩා හොල්මන් වෙනවනෙ අපි . හොල්මන්ට එයාලගෙ පුද්ගලික වැඩක්වත් කරගන්න නැති වෙයි

කට්ටියගෙ මූඩ් හදන්න කියලා හිතන් කිව්වට හැමොම හිටියෙ අප්සට් එකේ
හැමොම රූම් වලට ගියා . පණ්ඩිත කම් තිබ්බට රූම් එකේ තනියම ඉන්නත් ගියාම පොඩ්ඩක් බයයිත් බයයිත් වගේ .

ඒ උන හැමදේම එතකොට අප්පාද කරලා තියෙන්නේ , ඔම්මා ඉස්සර සමහරදාට අප්පා එක්ක රණ්ඩු වෙන්නේ මේ දේවල් නිසා වෙන්න ඇතිද , එතකොට ඔම්මා ඩිවොස් වෙලා යන්න ගියේ මේ දේවල් නිසද ?

ඔලුවට එන ප්‍රශ්න කොටිය නිසා නින්ද අහලකවත් නෑ . මම ඇදේ හාන්සි වෙලා බලන් හිටියේ රූම් එකේ සිවිලිම දිහා
රූම් එකේ ලය්ට් ඕෆ් කරල තිබ්බට ඇද එහා පැත්තේ ටේබල් ලැම්ප් එකක පොඩි එලියක් රූම් එකේ තිබ්බා .
කිසි හැලහොල්මනක් නැ , හැමතැනම නිශ්ශබ්දයි ... මම ඇද එහා පැත්තේ පුටුවක් උඩ තිබ්බ ගිටාර් එක අතට ගත්තා .බයකුත් හිතෙනවා .මම ගිටාර් එක අරන් පොඩ්ඩක් මතක සොන්ග් එකක් ප්ලෙය් කරන්න ගත්තා . ආහ් එඅ පාරට ගිටාර් එකේ කම්බියකට මගෙ ඇගිල්ල කැපිලා ගියෙ ලෙත් එන ගමන්
බිත්ති ඔරලොසුව නැවතිලා වෙලාව බලගන්න විදිහකත් නෑ .
ටික වෙලාවකින් කොරිඩො එකේ දාලා තිබ්බ ලය්ට් එක ඩිම් වෙන්න ගත්තා
ඔහ් දොලහත් වෙලා .... එහෙනම්
එක පාරම ලයිට් එක නිමිලා ගියා . මම දැක්කේ බගෙට ඇරිලා තිබ්බ දොරෙන් .
එක පාරට පහල තට්ටුවෙන් ලොකු සද්දයක් ඇහිලා ආයෙ ලයිට් ආවා .
කට්ටිය පඩිපෙල බැහන් පහලට එන සද්දෙකුත් ඇහුන නිසා මමත් ඉක්මනට ඇදෙන් බැහැලා එලියට ආවා .
අපි පහලට යනකොට බිත්තියේ ගහලා තිබ්බ ලොකුම ලොකු කණ්නාඩිය කුඩු වෙලා .

☠︎︎Three months☠︎︎Where stories live. Discover now