Minji pov :" අපෙ ඔම්ම ගාව ටිකක් සංවරව ඉන්න ඕනෙ හරිද? "
" අම්මෝ හා..හා ... ඇයි ඔම්ම නපුරුද?"
" ටිකක් "
මම මගෙ බෑග් ටික අරන් ගිහින් හිමීට ලිවින් රූම් එකෙන් තියන ගමන් හොරෙන් හොරෙන් කිචන් එකට ගියේ අම්මව ටිකක් බය කරන්න හිතාගෙන මම හිතන්නෙ ඔම්ම උයනවා...
" ඔම්මා මම ආවා... "
" චුප් චුප් අහට්ට යනවා වද නොදී.. "
ඔම්ම එකපාරටම හැන්ද අරන් හැදි මිටෙන් මගෙ ඔලුවට පාරක් තඩි බෑවා... මම ඔලුව අල්ලගෙන මූන ඇබුල් කරගත්තා...
" ඔම්මගෙ දුව මාසෙකින් විතර ආවහම සතුටු නැද්ද අනේ... "
මම ඔලුව අතගගා කියනකොට මට ඇහුනා ටේහ්‍යුන් හිනා වෙනවා...
' තමුන් මොකෝ හිනාවෙන්නේ.. ?'
' නෑ මම මෙ බැලුවේ ඔම්මටම හරියන දුව.. '
' යාහ් මෝඩයා යනව මගෙ ඇගෙන් එහාට.. '
' ඔබේ කැමැත්තක් සොදුරිය '
ඒ ගමන් මම හිතන්නෙ මගෙ ඇග හිස් උනා... අම්මෝ ඇති දැනෙන සනීපේ නිකන් බොක්ක පුපුරන්න තරම් තිබ්බ මූත්‍රා බරකින් නිදහස් වෙලා ගියා වගේ... මම ප්‍රැන්ටිය උඩට නැගලා කකුල් වන වන ඉන්න අතරෙ ඔම්ම මොනාදෝ බරට කපනවා...
" මමත් කපන්න එන්නද?"
" ඔහොම්මම ඉන්න තමුන් අතක් තිබ්බොත් ඉවරයි "
" හරි කුරිරුයි... තමන්ගෙ ලමයව අවතක්සේරු කරනවා.. හූම් "
ඔම්මා ආයෙත් ඒවා කපන්න ගත්තා... මම කකුල් වන වන ඉන්නකොට බෝල් එකේ තිබ්බ කැරට් කෑලි පාවෙනවා මම දැක්කා... මම ඇස් දෙතුන් පාරක් පොඩි කරලා බලනකොට ඒකෙ හෝදලා තිබ්බ මුද්‍රප්පලම් වගේකුත් පාවෙනවා....
" ස්...ස්... ඕවා කන්න එපා... අපෙ අම්මට තරහ ගියොත් ඉවරයි "
ඒත් ඒ මනුස්සය ඇහුනෙ නෑ වගේ ඒවා අහට්ට මෙහට්ට පා කරනවා.. මම ඇස් කටේ දාන් බලන් හිටියේ එයා ඊලගට ඒ බෝල් එක පා කරන්න ගන්නකොට... නිකන් සර්කස් එකක් වගේ...
" ටේ... ටේ... ඕක තියන්න "
" මින්ජියා... ඇයි නයෙක්වත් කෑවද ස්..ස්... ගාන්නේ.?"