Yowa pov ☠️
කව්ද පස්සෙන් එන්නෙ යමන් අහකට
යනවා,යමන්,පලයන්,ගෝ,පෝඩා
මොන මගුලක් ද ඕයි 😠,බය නැතුව එනව ඉස්සරහට,නැත්තං ආපු අතක් බලන් යනවා පව් නොදී.....ගස්ගෙබිහැකරැල්ලා😠(මේ කැලේ ඇතුලට ආවත් හරි මොකෙක්ම හරි පිටිපස්සෙන් ඉන්නව කියලා දැනුන මට,අපි කට්ටිය බෙදිල ගියාට පස්සෙ මට අර කලින් දැනුනු ෆීලින් එක වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා,එකපාරට ම පිටිපස්සෙන් ඇහුනු කෝට්ටක් පෑගෙන සද්දෙන් මාව ගැස්සුනා.මන් එහෙම්මම ටික ටික පිටිපස්ස බැලුවා...)
මොකෙක්වත් නෑ,මනස්ගාත 🥲,
ආආආආආආආආආ.............
මන් ආයෙමත් ඉස්සරහ බලද්දිම මූන ගාවින් වැදී නොවැදී ගියෙ කලුම කලුපාට උකුස්සෙක් 🥲 එකපාර ආපු ශොක් එකට කෑගැස්සුනාට මන් සත්තුන්ට ආදලෙයි🥲
හව් ඕසම් 😍 අයි ලව් යූ සෝමච් කලුපාට උකුස්සෝ...😍😍
ගානට සූම් කරලා ඌගෙ පොටෝ 10ක් 15ක්ම ඡායාරූප ගත කරගත්තු මම ආපු සතුටටත් එක්ක උඩපැනල වටයක් කැරකුනේ මේපාර යුනි එකේ බෙස්ට් පොටෝග්‍රැෆර් විදියට මම
තේරේවි කියන අහින්සක බලාපොරොත්තුව හිත් කොනේ නලියද්දි 🥲මගේ කැමරාවට පින් සිද්ද වෙන්න අහුවෙන අහුවෙන ගස්වල,කොලවල,මල්වල,කුරුල්ලංගෙ,කූබින්ගෙ,හූනංගෙ,
මකුලුවංගෙ,හාවංගෙ,මීයංගෙ,කැරපොත්තංගෙ වගේ එකී,මෙකී,නොකී හැම මගුලෙම ගානට හැඩේට රටාවට නැමිල කැරකිලා ඇබරිලා ඔලුවෙන් හිටගෙන දනගාගෙන හොම්බ බිම ඇනගෙන පොටෝ ගැහුවෙ එකකට හරි අවෝඩ් එකක් ලැබෙයිනෙ කියලා හිතල 🥲හුම්ම්.....එව්ව ඉතින් හීන තමා 🥲,නේද කලු උකුස්සෝ...🥲
මන් හිතන්නෙ ඕගොල්ලො හරි දුර්ලභයි ,කලු පාට ජාන වැඩියෙන් පිහිටලා,මෙලනින් වර්ණකය එහෙම,මොකක්ද ඒකට කියන්නෙ මෙලනීසියම් ඒක නේද ඔයාගෙ ලෙඩේ,😊
පුහ්... මුගෙ ගෑස්,
මන් කොච්චර අර උකුස්සගෙ මූන දිහා බලන් ආදරෙන් කතාකලත් ඌ නෙමේ හැරිලවත් බැලුවෙ,එහෙම්මම අත්තක් උඩ උන්නු ඉරියව්වටම අංශක 180ක් බෙල්ල විතරක් හරෝලා රතුම රතුපාට ගිනි පිබින ඇස් දෙකෙන් මාව අලුකරන්න වගේ බලල ගස්සගෙන පියෑබුවෙ නැතෑ,
හොඳ වැඩේ ගස්සන්න ගිහිල්ල පස්සපැත්තෙ කෝට්ටකුත් ඇනගත්තා 😂😂