Minji pov 👻
ජීමින්ලගෙ ගෙදර ගිහින් ඇවිත් ආපහු සෝෆා එකට වැටුනෙ බඩත් අල්ලන් කෑවා නෙමෙයි මමනම් ගිල්ලා.. වාව් ජින්ශිට රසට උයන්න පුලුවන්නේ...
" අම්මෝහ් ඒ තොබ්බොක්කි එක "
Suzu ත් සෝෆා එකේ ඉදගන්න ගමන් කීවේ අතින් පවන් ගහගන්න ගමන්..
" මේ සීත කාලෙද?"
මගෙ ගාවින් ඉදගන්න ගමන් යොන් ඇහුවේ මම කොට කොට හිටපු ෆෝන් එකට මූන දාන ගමන්
" තමුසෙ මේ ලොකෙ නෙමෙයිද ඉන්නෙ ආහ් ?"
මම යොන්ගෙ ඔලුව අහකට තල්ලු කරන ගමන් කීවා...
" මේ ඔක්තෝබර් අද පලවෙනිදා "
" පුංචි අපේ ලෝක ලමාදිනේ!!! යේ..."
යෝවා කියනකොට සූහා උඩපනින්න ගත්තෙ පෙත්ත ගහන්න අමතක උන නිසා පනු ගාය හැදුනු බාගෙට පරිනාමය උන වැදිරියක් වගේ... ඒ අස්සෙ ඒකටම Suzu ත් එකතු වෙලා නටන්න ගත්තා..
" පිස්සුද තොපි දෙන්නට දැන් 20.. ලමයි වෙන්න යනවා.. ඉස්සර ඉක්මනට අව්රුදු 18 පන්නගන්න ඕනෙ කියල නැටුව "
සාලෙ මැද දගර පනු ඩාන්ස් එකක් ලයිව් පෙන්නන ගමන් හිටිය සූහාටයි, සූසූටයි ඔලුව්ට එකක් ගහලා යෝවා කියනකොට මම හිනාව පාලනේ කරගෙන හිටියෙ පුදුම අමාරුවකින්..
" ඔයාට මොකද හිතෙන්නෙ අර සූහාට උන එක ගැන "
" හොල්මන් කියන්නෙ සෙලවෙන මනසට අනේ.. "
මගෙ ගාවට එන ගමන් කීව යොන්ට මම කියලා හින්ට් පාරකුත් ගහන ගමන් කිචන් එකට යන්න ගියේ මම මගෙ මිල්ක්ශේක් ටිකයි මගෙ චොකලට් ටිකයි කිචන් එකේ ප්‍රැන්ටිය උඩින් තිබ්බ නිසා ඒක අරගෙන එන්න ගියා..
" යාහ් ඒක මගෙ ඩයලොග් එක"
යොන් කියන ගමන් මගෙ පිටිපස්සෙන් එනව ඇහුනත් මම කිචන් එකේ ප්‍රැන්ටිය උඩ තිබ්බ මගෙ චොකලට් ටිකයි මගෙ මිල්ක්ශේක් ටිකයි හෙව්වා... එකක්වත් නෑ..
" ඔයාලා කවෘහරි මගෙ චොකලට් ටික දැක්කද ?"
මම කිචන් එකෙන් එලියට මූන දාලා කීවා... හැමෝම නෑ කියලා ඔලුව හොලවපු නිසා මම හුස්මක් පහල දැම්මා.. කොහෙද මම ඒක තිබ්බෙ මෙතනමයිනේ තිබ්බේ... මම කල්පනා කර කර ඉන්න අතරෙයි දැක්කේ බිත්තියේ චොකලට් ගෑවුන අතක් හිටල තියෙනවා... මම ඒකට ගැස්සුනේ නෑ කීවොත් බොරුවක්..