👣Chapter 47

160 44 27
                                    


MinJi Pov

ආපහු බංගලාවට ආවා... සූසූ මූන ඇබුල් කරන්... මම ගිහින් සෝෆා එකෙන් ඉදගෙන ෆෝන් එක ඔබන්න ගත්තා... කෙනෙක්ට කියන්න පුලුවන් ජීවිතේ හරිම ලස්ස්නයි කියලා.. තව කෙනෙක්ට පුලුවන් ජීවිතේ හරිම නරකයි දුකයි කිය්ලා... ඒත් මගෙ ජීවිතේ කියන්නෙ හරියට පුදුමයක් වගේ...

" මොනාද කල්පනා කරන්නේ "

ටේහ්‍යුන් මගෙ ගාවින් ඉදගන්න ගමන් අහනකොට මම නැගිටලා මගෙ රූම් එකට යන්න ගත්තා... සූසූට අව්ල් ඇති දැන්... එක පිට එක විකාර වෙනකොට ඔලුවට විකාර පිරෙනකොට ජීවත් වෙන්නත් එපා උනා...

" මින්ජි මොකක්ද වෙලා තියෙන්නේ "

" එහෙම මුකුත් නෑ... "

මගෙ ක්ලොසට් එකෙන් ඇදුමක් අරන් කෙලින්ම මම බාතෲම් එකට ගියා... ටේහ්‍යුන්ව දැන් හොදටම පේනවා... මොකද තව එක්කෙනයි ඉන්නේ... එයාලා කීව විදියට දැන් එයාලා සම්පූර්නයෙන්ම මිනිස්සු... ඒ කියන්නෙ මින්දොව මරන්න වෙන්නෙ කිසිම බලයක් නැතුව... හැබැයි පුරහද දාට කලින් කරගන්න බැරි උනොත් ආපහු එයාලව මැරෙනවා...

මට විශ්වාසයි මින්දො මේකට දැන් ඉදන්ම සූදානම් වෙනව ඇති... කිසිම වෙලාවක එයාව විතරක් මරන්න වෙන්නෙ නෑ... අනිවාරෙන්ම එයාගෙ සේවකයොත් අපිට මරන්න වෙනවා... කිසිම පෙර සූදානමක් නැතුව මේක කරන්න බෑ...

හොදට නාගෙන මම ඩෙනිම් ශෝට් එකකුයි ටී එකකුයි ඇදගත්තා... රූම් එකට යනකොට ටේහ්‍යුන් මගෙ ඇදේ ඉදගෙන කකුල් දෙකත් වන වන ඉන්නවා පොඩි එකෙක් වගේ...

" ඔයා ඔහොම ලස්සනයි.. "

" ඔයත් මම හිතුවට වඩා හැන්ඩ්සම් "

මම මගෙ හෙයා ඩයර් එක අරන් ඒක ගහලා කොන්ඩෙ වේලන්න කියලා කන්නාඩි මේසෙ ගාවින් ඉදගත්තා... මම දැක්කා කන්නාඩියෙන් ටේහ්‍යුන් මගෙ ගාවට ඇවිදන් එනවා... මම ඒත් ඒක ගානක් නොගෙන කොන්ඩෙ වේලගන්න පටන් ගත්තා...

" දෙන්න මම කරන්නම්.. "

එයා මගෙ අතින් හෙයා ඩයර් එක අරගෙන මගෙ කොන්ඩෙ වේලන්න ගත්තා.. මම කන්නාඩියෙන් එයා දිහා බලන් හිටියෙ හැගීමක් නැතුව වගේ.. ඒත් සැරෙන් සැරේ එයා කරන වැඩේට අවදානෙ දෙන ගමන් තොලත් හපන් බර වැඩක් කරනව වගේ මගෙ කොන්ඩෙ වේලනකොට මගෙ කටට යාන්තමට හිනාවක් ආවා..

☠︎︎Three months☠︎︎Where stories live. Discover now