👣Chapter 9

142 40 8
                                    

Suzu pov...

මට එක පාරටම රෑ මැද අැහැරුනේ එක පාරටම හැදිච්ච වතුර තිබහ නිසා... හරියට අවුරුදු ගානකින් වතුර බීලා නෑ වගේ... මන් අැදෙන් නැගිට්ටේ තව ටිකක් මෙහෙම හිටියෙත් මැරෙයි කියලා හිතුන නිසා... මම අැදෙන් බැහැලා කිචන් එකට ගිහින් වතුර ගැලුමක් විතර බීලා කොප්පේ සොදදදි දැනුනා කවුරුහරි මගෙ කොන්ඩෙන් අදිනවා වගේ...මන් පිටිපස්ස හැරෙද්ද කවුරුත් හිටියේ නැති නිසා කොප්පේ හෝදලා රැක් එකෙන් තිබ්බා.. එ්ත් මට නිකන් හිතුනා කවුරුහරි මගේ පිටිපස්සේ ඉන්නවා කියලා මන් පිටිපස්ස හැරුනත් කවුරුත් හිටියේ නෑ.. මන් අපහු කරපු වැඩේට අවදානේ දීලා එකපාරටම පිටිපස්ස හැරුනා... එ්ත් කවුරුත් නෑ අනේ මන්දා මගේ මනස්ගාත ද කොහෙද...

මන් කොන්ඩෙත් අතින් අල්ලා අල්ලා උඩ තට්ටුවට යද්දි සූ බරක් අැති වුනේ කලින් බීපුවයි ප්‍රතිපලයක් විදිහට 🥲 මට තවත් උඩට යන්න බෑ වගේ දැනුනු නිසා මන් කෙලින්ම යොන් ලගේ බාත් රූම් එකට ගියා මන් යනකොට එකේ දොරු අැරලා තිබ්බේ මාත් ඉතින් කවුරුත් නැති නිසා දොර වහන්නේ නැතුවම අවස්ස රාජකාරියා කරා.. මන් මගේ වැඩේ ඉවර කරලා දොරත් වහලා යන්න හදද්දි තමයි දැක්කේ වොෂ්  රූම් එක ලග කවුරුහරි වැටිලා ඉන්නවා එ් කවුද කියලා මට බලන්න බය වෙච්ච නිසා මන් සූහාට  කතා කරන්න ගියා...

Me- සූහා නැගිටපන්...

Sooha- ඔම්මා තව විනාඩි පහයි..

Me- යකෝ මම උබේ ඔම්මා නෙවෙයි.. නැගිටපන් ඉක්මනට කව්රුහරි වොෂ්  රූම් එකේ ඉන්නවා

Sooha- අායිෂ් මොකාද මේ වෙලාවේ වද දෙන්නේ..

Me - මම සුසු නැගිටපන් මට උදව් කරපන්..

මන් බොහොම අමාරුවෙන් සූහාවත් අැදගෙන වොෂ් රූම් එක තියන තැනට  අාවා.. මන් දන්නේ නෑ දැන් මන් මොකක්ද කරන්න ඔ්න කියලා..අපි දෙන්නම බය වුනු නිසා අපි මින්ජියාවයි යෝවයි යොන්වයි හොයන් ගියා... අපි මින්ජිගෙයි යෝවගෙයි රූම්ස්  වලට එබුනත්  එයාලා හිටියේ නැති නිසා අපි යොන් වත් අැදගෙන එයාලව හොයන් ගියා

☠︎︎Three months☠︎︎Where stories live. Discover now