5 කොටස

64.5K 4K 913
                                    

උදේ නමය හමාරට පටන්ගත්තු ප්‍රැක්ටිසස් ඉවරවුනේ එකොළහමාරට විතර.. මම පොඩි ලමයි ප්ලේ කරද්දි ඒවගෙ අඩුපාඩු හදන්න උදව් කරලා හව්සස් වලට ලමයිව බෙදලා අන්ඩර් ට්වෙල් වල ඉදලා අන්ඩර් ට්වෙන්ටි වෙනකල්ම ටීම් බෙදලා රිසව් තුන්දෙනා ගානේ දාලා කෝච් කාරයයි සයෝන් අයියයි එක්ක ජිම් එකේ පැත්තක මේසෙකුයි පුටු තුනකුයි තියාගෙන එන්ට්‍රි ශීට් පුරව පුරව හිටියේ.. ඉන්ටවල් එකට අදත් කන්න නෑ.. ආයෙම මගෙ පපුවෙ දැවිල්ල අල්ලලා තිබ්බෙ වෙලාවට නොකාපු නිසා.. ඒ එන කැක්කුම කියන්න වචන නෑ පට්ටම අමාරුයි.. ගැස්ට්‍රයිටිස් කියන්නෙ මහා විසාල පාපයක්.. මම මල්ලි කෙනෙක්ගෙන් වතුර බෝතලයක් ඉල්ලගෙන බීලා ආපහු පුටුවෙන් ඉදගත්තා.. දැන්නම් වැඩ ඉවරයි පොඩි උන් ක්ලාස් වලට එවන්න කියලා එනවුන්ස්මන්ට් එකක් දුන්නහම ඒ ගොල්ලො ජිම් එකෙන් එලියට ගියා.. 

රධ්‍ය අයියා ජිම් එකේ තැන තැන වැටිලා තිබ්බ ශට්ල්ස් ඇහුලලා බින් එකකට එකතු කරන ගමන් හිටියේ.. කොහොමත් ඩයල් එක පාඩුවෙ වැඩක් කරගෙන කූල් එකේ ඉන්නවා මිසක් අර කියාන් කාරයා වගේ පැණි හලන්නෙ නෑ.. මම ඌ දිහාත් බලලා නැගිට්ටේ ඇදුම් මාරු කරගන්න.. ඒ වුනාට ශර්ට් එක දාඩියෙන් පෙගිලා ගන්න දෙයක් නෑ.. මේක මෙහෙම ආයෙ දෙන්නත් බෑනෙ.. මම චේන්ජින් රූම් එකට ගිහින් යුනිෆෝම් එක හොයද්දි යුනිෆෝම් එක පිලිවෙලට නමලා කබඩ් එකේ උඩම තට්ටුවෙන් තියලා තිබ්බා.. මම ඉතින් ඒක අරන් ඇදගෙන බොටමයි ටීශර්ට් එකයි අතේ ඔතාගෙන එලියට ඇවිත් රධ්‍ය අයියව හෙව්වේ උගෙ ඩෙග් දෙක ආපහු දෙන්න.. ඒවුනාට මම බලද්දි ඌ ජිම් එකේ හිටියේ නෑ.. 

ඌ එනකල් ඉන්න බැරි නිසා ඉතින් මම ක්ලාස් එකට ආවා.. එද්දි බයෝ මැඩම් අලි පත චාට් එකක් බෝඩ් එකේ ඇදලා ඒක විස්තර කරනවා හො ගලා.. පන්තියෙන් බාගයක්දෙයියනේ කියලා නිදි.. ඔහොම තමයි බයෝ පීරියඩ් එක කියන්නෙ ඉතින් නිදාගන්නම සෙට් වෙන පීරියඩ් එකක්.. පලවෙනි පීරියඩ් එකහමාර ඇස් ඇරගෙන හිටියත් අන්තිම පැය බාගෙ හරි නින්ද යන එක නියතයක්.. 

" ඇල්ඩොස්ටෙරොන් වලින් ලමයි විදුර නාලිකා වලින් සෝඩියම් ප්ලස් හා එච් ටූ ඕ වැඩි ප්‍රමානයක් ප්‍රතිශෝශනය නිසා රුධිර පරිමාව වැඩි වෙලා-ෂනෙරු ඇවිත් ඉදගන්න-මොකක්ද මම කිය කිය හිටියේ ආ ඇල්ඩොස්ටෙරොන්"

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now