30 කොටස

52.4K 3.3K 416
                                    

" කවුද ඒ..??"

රධ්‍ය අයියා මාව අතින් ඇදගෙන අඒ හවුස් එක තිබ්බ තැනට ඇවිත් මම කලින් ඉදගෙන හිටිය ලාස්ට් ස්ටෙයාර් එකේ ඉදගෙන මගෙන් ඇහුවේ අහස කඩන් වැටුනා වගේ පුදුම කලබලේකින්.. තඩි බොරුවක් කියලා මහීශා එක්ක ඉන්න දෙන්නැතුව තකහනියක්ම මේ ග්‍රවුන්ඩ් එකෙන් බාගයක්ම ගෙවාගෙන ආවේ යකෝ මේක අහන්නද.. මහීශා ඉන්න තැන ඉස්සරහම ඇහුවනම් ඉවරනෙ.. අදුන්වලාම දෙන්න තිබ්බෙ..

" මගේ යාලුවෙක්..??"

" යාලුවෙක් කිව්වෙ.."

" එයා මහීශා.. මගේ පොඩි කාලෙ ඉදලා යාලුවෙක්.."

" තව.."

" තව.. ආ අපි එක ගෙවල් ලග ඉන්නෙ.. අපේ අම්මා මහීශාගෙ අම්මගෙ හොදම යාලුවෙක්.."

" ම්ම්.."

රධ්‍ය අයියා මම කියන ඒවත් අහගෙන ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන ඉදියා.. මේකට දුක හිතිලද.. තරහා ගිහින්ද.. ඉරිසියා හිතිලද.. මූනෙන් කිසි හැගීමක් පේන්නෙ නැ.. ඔහේ ග්‍රවුන්ඩ් එකේ ස්කූල් ෆ්ලැග්ස් ගහපු පැත්තම බලාගෙන ඉන්නවා..

" මොකද අප්පා.."

ඌ එහෙම ඉද්දි මටත් ලාවට අවුල් ගියා.. ඉතින් අවුල් වෙන්න දෙයක් වුනායැ.. මම කෙල්ලෙක් එක්ක කතාකරපු පලියට එහෙම යාලුවෙනවද.. 

" මොකුත් නෑ.. වරෙන් කියාන්ලා අරපැත්තෙ ඉදියා.."

රධ්‍ය අයියා ස්ටෙයාර් එකෙන් නැගිටලා මට නැගිටින්න අත දුන්නා.. මම එයා දිහා බලලා ආයෙම අත දිහා බලලා මූණ දිහා බලාගෙන හිටියා.. මේ යකා හරි අමුතුයි.. මටනම් කොහොමවත්ම තේරුම් ගන්න බෑ..

" කෝ නැගිටින්න.."

රධ්‍ය අයියා මගේ අතකින් ඇදලා අරන් මාව නැගිට්ටුවා.. මේ මනුස්සයා ගැන දවසම හිතුවත් දවසට තියෙන පැය ගානත් මදි.. එච්චර හිතන්න තියෙනවා.. මේ හොදින් ඉන්නවා.. ඊටපස්සෙ එකපාර අවුල් යනවා.. ආයෙම හොදයි.. ආයෙ වෙලාවකට හොදම හොදයි.. ආදරේ හිතෙනවා..

මම රධ්‍ය අයියා පිටිපස්සෙන් කියාන් අයියලා හිටියා කියන පැත්තට යද්දි චමිරුවා කැඩෙට් ටීම් එකේ කැඩෙට්ස්ලගෙ යුනිෆෝම් එකකුත් ඇදගෙන  රධ්‍ය අයියා ඉක්මනින් ඉක්මනින් යන දිලා බලාගෙන ඉන්නවා මම දැක්කා.. මොනවද දන්නෙ නෑ බලන්නෙ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now