100 කොටස

36.2K 2.5K 635
                                    

" පරිස්සමට ගෙදර එන්න ඕන සුදුමහත්තයා..!!"

" දැන් මේ කීවෙනි සැරේටද අප්පා ඕක කියන්නෙ.. මම එන්නම්.. එන්නම් එන්නම්.."

" ම්ම්.. මම පොඩි වැඩ වගේකට එළීයෙ ඉන්නෙ.. උවමනාවක් වුණොත් කෝල් එකක් දෙන්න හොඳද.."

" හා.. ඇයි මාමෙ එළියෙ ඉන්නෙ.."

" යාළුවෙක් හම්බෙන්න යනවා.. ඇයි.."

" ඕ යාලුවෙක්.. හා හා එහෙනම් මම යනවා.."

මම සීට්බෙල්ට් එක ගලවගෙන වාහනෙන් බැස්සහම මාමා මම හොටෙල් එක ඇතුළටම යනකල් බලාගෙන ඉඳලා යන්න ගියා.. හෙට අයුක අයියා යන නිසා අද ළඟම යාළුවන්ට එයාගෙන් ඩිනර් එකක් රෙඩි කල්ලා තිබුණා  movenpick එකේ.. දැනටමත් වෙලාව රෑ අටට විතර ඇති.. 

දවල් වරුවෙම මාමා ගෙදර හිටියෙ නෑ.. ඇඳගෙන කියාගෙන එළියට ගිහින් එද්දි හුගක් හවස් වුණා.. ඒ ඇවිත් තමයි ආයෙම මාව දාන්න මෙහේ ආවෙ.. සමහරවිට ආධ්‍ය අයියත් එක්ක කවුන්සිලර්ව මීට් වෙන්න යන්න ඇති.. එහෙම කතාවක් කිව්වනෙ ඊයෙ.. කොහොමහරි කමක් නෑ ආධ්‍ය අයියා ළඟින් ඉඳන් එයාට හැමදේම කතාකරන්න කෙනෙක් හිටියොත් හිතට සැනසීමයි.. 

මම ප්‍රයිවට් ඩයිනින් රූම් එකේ නම්බර් එක හොයාගෙන දිගටම ඇවිදගෙන ගියා..

කලින් මේවගෙ ඇවිල්ලත් නෑ.. රධ්‍ය අයියා එක්ක අරහෙ මෙහෙ ඇවිදින්න ගිය දවස්වල ඇරෙන්න මම මෙහෙම තැන්වලට ඇවිල්ලම නැති තරම්.. මමත් එහෙමයි.. සෙනුකයත් එහෙමයි.. සෙනුකයා උඩ පැන පැන හිටියට ඉන්නෙ පට්ටම අවුලෙන් කියලා මම දන්නවා.. කොහෙද ඒ පගයට දුක හිතුණට පෙන්නන්නෙ නෑනෙ.. අයුක අයියා ආයෙම ලංකාවට එන එක ශුවරුත් නෑ ඩිග්‍රි එක ඉවරවෙනකල්.. අනික සෙනුකයා මෙහේ ඉඳන් එහේ යන්න කියලයැ.. උගේ එදර අය එහෙම ආවට ගියාට ඕස්ට්‍රේලියාවට ටිකට් හදලා දෙන්නෙ නැහැනෙ.. කියාන් අයියා නම් කිව්වා මගදි එයා යන්න හිතාගෙන ඉන්න කතාවක්.. කියාන් අයියලාගෙ ෆැමලි එක කරන්නෙ බිස්නස්.. ඒකනිසා නිතර එයාලගෙ ගෙදර අය රට යනවා එනවා.. කියාන් අයියා කිව්වා එහෙම සැරේක අයුක අයියා බලන්න එයා යනවා කියලා.. කියාන් අයියා එන් එස් බී එම් එකේ ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරන්න හිතාගෙන ඉන්නෙ.. කොහොමත් එයාට කැම්පස් යන්නම තරම් ළකුණු එක්සෑම් එකෙන් තිබ්බෙ නෑ.. ඒකා උවමනාවෙන් ඒක කළෙත් නෑ.. රධ්‍ය අයියා කිව්වෙ රගර්ම බදාගෙන හිටියා මිසක් කියාන් අයියා ඉස්කෝලෙ වැඩවලට එච්චර උනන්දුවක් නෑ කියලා..

SEPALIKA | COMPLETEDOnde histórias criam vida. Descubra agora