" සුදුමහත්තයා.. මම දැන් කීසැරයක් කතාකලාද ලමයො.. මොන සිහියෙද ඉන්නෙ.."
මම ඉස්තෝප්පුවේ බැම්මට වෙලා එලියට කකුල් දෙකත් දාගෙන පද්ද පද්ද එළීය බලාගෙන ඉදියේ.. මට හිතාගන්න බෑ සැරින් සැරේ මගේ පපුවේ පැත්තක් හිටිවැටීගෙන යනවා.. ඒ එක්කම වෙනදා නොදැනුනු අමුතු සෙල්ලක්කාර හැගීමක්, කෝල ගතියක්, අමුතු උද්යෝගයක් හිතේ නළියනවා වගේ..
" ඕහ්.. අම්මෙ.."
" මොන ලෝකෙද හිටියෙ.. ඈ ලමයො ගිහින් පාඩම් කරන්න.. දැන් මදෑ ඔය එළිය බලාගෙන හිටියා.."
" හා අම්මා නිදාගන්නවද.."
" නිදාගන්න යන්න කියලා තමා බැලුවෙ.."
" ආ.. හරි හරි නිදාගන්න එහෙනම්.. අම්මෙ මේ සෙනසුරාදා සෙනුක මෙහෙ එනවා කිව්වා.."
" හා හා.."
අම්මා පනාවත් ඔලුවෙ ගහගෙන ගේ ඇතුලට යද්දි මමත් ඉස්සරහ දොර අගුලු දාලා අම්මට වැදලා කාමරේට ආවා.. මේ මගුල් හිත හිත බෑ පාඩම් කරන්නෝන.. මේ යකාව මැවි මැවි පේන්න ගත්තොත් මට ලයිට් කණු තුනක් තමා ගන්න වෙන්නෙ..
මම කෝකටත් මූණත් හෝදගෙන කාමරෙන් ඇවිල්ලා ඉදගෙන ඇස් දෙක පියාගෙන යෝගා කරන විදියට පුටුවේ ඉදගත්තා අර දබර ඇගිල්ලයි මහපට ඇගිල්ලයි නමලා එකට තියාගෙන එරමිනියා ගොතාගෙන..
" රධ්ය කාරයව අමතක වෙයාන්.. ඒස්වාහ පුඃ.."
දැන් හරි..
පහුවදා සිකුරාදා මට හවස පේපර් ක්ලාස් තිබ්බත් යන්න විදියක් තිබ්බෙ නෑ.. සදුදට මට බැඩ්මින්ටන් මැචස්.. ඒකනිසා අද දවසෙම ප්රැක්ටිස් ගනීවි.. දැන් හවුස් මැචස් පටන්ගන්න නිසා ඉස්කෝලෙ හෙන කලබලයක් තිබුනේ.. හවුස් වලට මරාගන්නවා.. තව උන් මෙලෝ වැඩකට එන්නැතුව කට්ටි පයිනවා.. ඒ අස්සෙ හවුස් කැප්ටන්ලා පුප ගිනි අරගෙන අරහෙ දුවනවා මෙහෙ දුවනවා.. ඒ අස්සෙ ඕගනයිසින් බෝඩ් එකේ ඉන්න රධ්ය කාරයටයි සයෝන් අයියටයි අභිරු අයියටයි වැඩියෙන් මල පයිනවා..
සදුදට මට අම්බානෙක වැඩ.. එදාට මෙෂර්මන්ට්ස් ගන්න එනවා කියලා තිබ්බා ඩ්රිල් ප්රැක්ටිස් කරන අයගෙ.. ඒ අස්සෙ මට ඒ මොකුත් බලන්න වෙන්නෙ නෑ මට මැචස් නෆ්රාසුත් ඒකෙ හිරවෙලා.. රධ්ය අයියත් දවසෙම කැඩෙට් රූම් එකේ ඉදීවි කැඩෙට් කරන අයගෙ අයිටම් හදන්න තියෙනවා කිව්වා.. තව ස්කොඩ් එකත් එයාම ප්රැක්ටිස් කරවනවලු.. කියාන් අයියලා හිටියත් එයාලට අමතර වැඩ.. සෙනුකයා බෑන්ඩ් එකේ ලීඩර් නිසා ඌට ඔය කියන මොකකටවත්ම එන්න වෙන්නෙ නෑ දවසෙම පොල්ලක් කරක කරක එහෙ දුවනවා මෙහෙ දුවනවා.. ඔන්න ඔහොම මේ පටන් ගන්න තියෙන්නෙ මේ මාසෙ වැඩ වැඩම සතිය..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...