47 කොටස

38.3K 2.8K 208
                                    

" වරද්.. ශර්ට් එක උඩට ඇවිල්ලා.. ඕක යට කරගනින්.."

ඉස්කෝලෙ ලයිබ්‍රි පීරියඩ් එකේ ලයිබ්‍රි යන්න කම්මැලි නිසා මමයි සෙනුකයයි හිමිහිට ඒ පීරියඩ් එකේ ක්ලාස් එකෙන් පැනලා ජිම් එක ගාව පැත්තට වෙන්න හදලා තිබ්බ ස්ටෙයාර්ස් වලට වෙලා කැන්ටිමෙන් ගත්තු කෝක් දෙකක් බිබී කියව කියව ඉද්දි ඉස්කෝලෙ කරක් ගහ ගහ හිටපු කියාන් අයියව අපිට සෙට් වුනා.. කියාන් අයියා ඉතින් තනියම යන්නෙ නෑනෙ උගේ පරම මිත්‍රයො වෙච්ච සෙනුකයගෙ මිනිහයි මගේ වෙන්ඩ මිනිහයිත් අපිට හම්බුනා..පස්සෙ අපිට කෝක් දෙක අහිමි වෙලා ගියා.. මගේ යාලුවට මේ ලෝකෙ අමතක වෙලා ගියා.. මූට අයුක අයියගෙ හෙවනැල්ල වැටුනත් ඇති අතුරුදහන් වෙලා යනවා.. අනික අයුක අයියා වැඩිය අනිත් අය එක්ක කතාකරන එක්කෙනෙක් නෙමෙයිනෙ.. ටිකක් රධ්‍ය අයියත් වගේ.. ඒ වුනාට සෙනුකයා එක්ක කියවනවා.. සෙනුකයත් අයුක අයියා හම්බුනහම දවසෙ වෙච්ච පොඩිම පොඩි දේ ඉදලා කියනවා.. අයුක අයියා අහගෙන ඉන්නවා.. අමුතු කෙමෙස්ට්‍රි එකක් උන් දෙන්නට තිබුනේ.. 

අයුක අයියා මම කලිනුත් කිව්වා වගේ හෙන ඔලුවෙන් ඉන්න ඩයල් එකක්.. එයාගෙ ෆැමලි එක හෙන පොශ්.. මිනිස්ටර්ස්ලා ඉන්නවා.. ඉස්කෝලෙ හැමෝම වගේ එයාව දන්නවා.. පොඩිම පොඩි දුරක් යන්නත් ඩ්‍රයිවර් කෙනෙක් ඉස්කෝලෙට එනවා.. යන්නෙත් රධ්‍ය අයියගෙයි කියාන් අයියගෙයි ගෙදර විතරයි.. වෙන යාලුවෝ ඇත්තෙත් නෑ.. ඒ වුනාට ළගින් ආශ්‍රය කරන්න ගත්තට පස්සෙ තේරුනේ, අයුක අයියා හෙන හොදයි හැබැයි වැඩිය කතාකරන්නෙ නෑ.. ඕන උදව්වක් කිව්ව සැනින් කල්ලා දෙනවා.. රධ්‍ය අයියගෙ ග්‍රේඩ් වන් වල ඉදලා යාලුවා තමා අයුක අයියා.. 

සෙනුකයා හම්බුනාට පස්සෙ අයුක අයියා හෙනට වෙනස් වෙලා වගේ දැනෙනවා.. විශේශෙන්ම එයාගෙ වටේ ඉන්න අයට.. සෙනුක හුගක් ආදරේ බලාපොරොත්තුවෙන එකෙක්.. ඌට කොච්චර ආදරේ කලත් මදී.. තව තව ඕන.. ඌට කලින් අෆෙයාර්ස් තිබිලා නැති නිසා ලව් කරන්නෙ කොහොමද මොනවද වෙන්නෙ ඒ මොකුත්ම දන්නෙ නෑ.. බබා වගේ අයුක අයියා අස්සටම වෙලා ඉන්නවා.. එදා මතීශලා එක්ක වලියක් දාගත්ත දවසෙත් මේකා ඉස්කෝලෙ අලුතින් හදන ටෙක් එකේ පන්තියක් අස්සට වෙලා හොදටම අඩලා අඩලා අන්තිමට හෙන අමාරුවෙන් කියාන් අයියයි අයුක අයියයි හොයාගෙන තියෙන්නෙ.. ඌට ප්‍රශ්න තිබිලම නෑ ජීවිතේ.. හෙන මලක් වගේ හැදෙන්නෙ.. මටනම් හිතෙන්නෙ ඌට හරියනම එක්කෙනා හම්බෙලා කියලා.. අයුක අයියා හෙන ආදරෙයි මූට.. මම දන්න විදියට ඒ දෙන්නට ටිකක් දුර ගියපු රිලේශන්ශිප් එකක් තියෙනවා.. ඒ කොහොම වුනත් අයුක අයියා උගේ හිත රිද්දන්නෙ නැත්නම්, ඌත් සතුටින් ඉන්නවනම්, ඒ දෙන්නගෙ කැමැත්ත ඒකනම් අපිට ඒකෙ ප්‍රශ්නයක් නෑ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now