135 කොටස

30.3K 2.2K 793
                                    

" ඕක නවත්තන්න වරද්..!!"

" ඒක තමයීඊඊඊඊඊඊඊඊඊඊ හැරදාආආආආආ මම නොයන ඉනාආආආආආ
ඇත්ත තමයීඊඊඊ මට යන්නම බෑ හිතුනාආආආආආආආආආආආආ
සිල්ලාරේඒඒඒඒඒඒඒඒඒඒඒඒ!!!!!!!!!! හිත කොහෙදෝඕඕඕඕඕ දැනෙන දිනේඒඒඒඒඒ
සංසාරේඒඒඒඒඒඒඒඒඒඒ නොයනා මතක නුඹේඒඒඒඒඒඒ"

මම පිටිපස්සෙ සීට් එකට වෙලා අත් දෙකෙන්ම ශටර් එක බදාගෙන, හූරගෙන, නහය තැලිලා යන්නම වීදුරුවට මූණ හේත්තු කරගත්තා.. එළීය හිටපු ස්කූටර් ඇන්ටි කෙනෙක් මාව දැකලා බය වෙලා ස්කූටර් එක තව ඩිංගෙන් පලතුරු කඩයක් අස්සට කපලා තැඹිලිවල්ලක් උඩ පතබෑවෙනවා.. රධ්‍ය අයියා එක අතක් ඩෝ හැන්ඩ්ල් එකට තියාගෙන ඔලුව අතගාගත්තා.. මෝඩ ගැටපොලොස් කොට්ටෝරුවා.. 

" ඉවරද.."

" නෑ!!!!"

මම රධ්‍ය අයියට දෙකක් රවලා ආයෙම අර තැඹිලිවල්ල උඩ නගින්න ගිය ඇන්ටිගෙ ස්කූටරේ දිහා බැලුවම ඇන්ටි ගිහිල්ලා.. මේ ස්කූටර් නම්, හිටියා චුත වුණා.. ටික වෙලාවකින් බලද්දි පොල් ගහක් දිගේ යනවා.. ඒ වගේ තමා අපේ රටේ ස්කූටර් පදින්නෙ.. මේ රධ්‍ය අයියවයි කියාන් අයියවයි බ්‍රේක් නැති ස්කූටරේක නග්ගලා දහ අට වංගුවෙ යවන්න තියෙන්නෙ.. කරන අපහස වලට.. මම මේ දැනුත් පිටිපස්සෙ සීට් එකට පැනලා අමනාප වෙලා ඉන්නෙ රධ්‍ය අයියා නොකියා රෝන්දෙ ගියා කියලා බැන්න නිසා.. ඒකනම් මම බනින්නැද්ද අහලා ඉල්ලගෙනම කාපු එකක්.. ඒත් එහෙම බනින්න ඕන නෑනෙ මම කියන්නෙ.. කියලා යන්න තිබ්බා මුන් යන්න දෙනවනම්..  දැන් නම් මට හිතෙනවා මාතර පැත්තෙ ගිහින් ගුරුකමක් කල්ලා මට ටොප් වෙන්න.. ටොප් වුණොත් මම මේ මිනිහව මරාගෙන කෑලි කෑලි වලට කපලා කාලා තරු පෙන්නනවා.. 

" කොහෙද යන්නෙ.."

" අපේ ගෙදර.."

මම ආයෙම සීට් එකේ දිගට හාන්සි වුණා.. ගෙදර යන්නෙ යැයි යැයි තමා.. මම ගිහින් ආධ්‍ය අයියට කියනවා මූ මට හැමෝ මැද්දෙම කෑගහලා බැන්නා කියල.. ආධ්‍ය අයියා තෙල් හැන්ද රත් කල්ලා පිටේ තියයි රධ්‍ය අයියගෙ.. එහෙම කරන්නෙත් නෑනෙ.. එක්කො එයා අපි දෙන්නට ඕන මගුලක් කරගන්න දීලා අපේ මාමා එක්ක මලක් කඩාවිද දන්නෙ නෑ.. මුන් සේරටම මගුල් විසේ ගහලා ඉහට.. නාකි වෙලත් පෙම් කෙළිනවා.. මේ අහිංසකයගෙ දුක අහන්න තමා එක ගැඩවිලෙක් නැත්තෙ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now