176 කොටස

37.4K 2.5K 1.1K
                                    


" ඔයා ලෑස්තිවෙලා ඉවරද ඒයි.. එන්නකෝ.."

" පොඩ්ඩක් ඉඳහන් මේ කලිසමේ සිප් එක උඩට එන්නෑනෙ මගුල.. ආ හරි.."

මම මගේ අතේ ඉඳගෙන එහෙට මෙහෙට දඟලන සුදුපුතාව අල්ලලා හරියට වඩාගත්තා.. මේකට යන්තම් මාස හයක් වුණා විතරයි නිදාගන්නෙත් නෑ.. එකතැනක ඉන්නත් බෑ.. දඟලනවා දඟලනවා අලි විසේ හැදිලා වගේ.. අපි, පොඩ්ඩක් හරි නිදි වෙලාවට කොට්ට හතරවටේට තියලා මෙහාට වුණොත් කොට්ට සේරම බිම වට්ටගෙන, නෙට් එකෙනුත් එළීයෙ ඉන්නෙ.. දඟලනවා කියන්නෙ.. මෙහෙම එකෙක් මගෙ ජීවිතේට දැකලා නෑ.. දැන් එයා යන්තම් වාඩිවෙනවා.. ඊටපස්සෙ බැලන්ස් නැතුව බොහ් ගාලා එහාපැත්තට වැටෙනවා.. අපේ පවුල් උපදේශන සේවාව.. අල්ලපුගෙදර වෛද්‍ය ආධ්‍ය කිව්වෙ 'කොට් එකේම තියලා තියන්න චූටියො, තුවාල කරගන්න දෙන්න එපා' කියලා.. අයියනම් කියයි.. කොටින්ම දැන් මේ ගෙදර පොල් ගාන්නෙත් සද්දයක් ඇහෙන්නැතිවෙන්න.. ඇයි මේකා සිරියහනෙ සතපවලා ඉන්නකොට හූනෙක් දිව්වත් ඇහැරිලා මම එනකල්ම අඬනවා.. එක්කො රධ්‍ය අයියා එයාව වඩාගෙන ගේ වටේ ඇවිදින්න ඕන.. මං ගාවට ආවොත් ශර්ට් එක අස්සට රිංගගන්නවා.. ආයෙ එළියට එන්නෙ නෑ වරුවකටවත්..

මදෑ අප්පොච්චා වගේ පුතෙක් හදාගත්තා..

ටිකකින් ළමයින්ගෙ අප්පොච්චි බේබි බෑග් එකකුත් උස්සගෙන පහලට බැහැගෙන ඇවිත් මගෙන් බබාව ඉල්ලගත්තා.. රධ්‍ය අයියගෙ අතට ගියා විතරයි ආයෙම දඟලන්න ගත්තා.. රධ්‍ය අයියා එතකොට එයාව හරහට තියාගෙන උස්සගෙන යනවා.. මේකා ගේ දෙක වෙන්න හයියෙන් හිනාවෙනවා.. අපි දෙන්නා මැද්දෙ තමා සුදුපුතා රෑට නිදාගන්නෙ හුඟක් වෙලාවට.. එයා තනියම තිව්වහම අඬනවා මහ හයියෙන්.. ඊයෙ නිදාගන්න ගිහිල්ලා රධ්‍ය අයියගෙ කකුල පැටලිලා ඇඳේ වැදුණා කියලා මේ කොල්ලා හිනාවෙලා හිනාවෙලා.. මම හිතුවෙ හුස්ම ගන්න බැරි වෙයි කියලා.. හෙනාතල් යන්නෙ හිටපු ගමන්.. ඒ අස්සෙ අපේ මනුස්සයා සේරටම එහා.. මේ පොඩි එකාව රීඩින් රූම් එකෙන් තියාගෙන පාඩම් කරනවා.. පාඩම් කරන ඒවා කියලා දෙනවා.. මම ඇහුවහම මොකක්ද ඔය කරන්නෙ කියලා.. එහෙම තමයිලු.. කාටහරි කියලා දුන්නහම මතක හිටිනවලු.. හරිම අගෙයි අප්පයි පුතයි..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now