" ආධ්‍ය අයියා නිදිත.."
" මොකද උඹ.."
" නිදිද ඇහුවෙ.. ඇයි කෑගහන්නෙ.. යකෝ!! මගේ මස්සිනා නිදිද කියලා දැනගන්න මට අයිතියක් නැද්ද.. මට තමා හරිනම් වැඩි අයිතිය.."
අපේ මාමා කාමරේ ඉඳන් ගස්සගෙන පද්දගෙන කුස්සියට යන්න ගියා.. නිකන් නෙමෙයි මටත් රවලා.. අද උදේම මමයි රධ්‍ය අයියයි ගෙදර එන්න ආවා.. ඊයේ බේබද්දා වගේ බීලා, බීපුවාට හරියන්න දෙහි වීදුරුවකුත් බීලා ගෙදර ඇවිත් නිදාගෙන මම ආයෙම නැගිටිද්දි දවල් තුනට විතර ඇති.. මම විතරක් නෙමේ ආධ්‍ය අයියත් නිදාගෙන හිටියෙ අපි එනකොටත්.. මාමා පුප ගිනිගත්තු කාන්තාර ඔටුවා වගේ කාමරේට කෑම උස්සන් යනවා.. ආයෙ කුස්සියට දුවනවා.. ආයෙම දොර රෙද්ද මෙහාට කල්ලා බලනවා.. ආයෙම යනවා.. අපේ අම්මා එනවද කුරුමානම් අල්ලනවා..
මටනම් පේන්නෙ ඊයෙ යම්කිසි දෙයක් වෙලා වගේ..
අපිට කමක් නෑ යම්කිසි දෙයක් වුණාට.. වෙන්න එපැයි.. නොවෙනවනම් නෙ බයවෙන්න ඕන. අපේ මාමා විටක් කාලා සිගරට් එකක් බිව්වට අඩපණ වෙලා නැතුවැති.. පිස්සු හැදෙයි.. නැග්ගෙ නැතොත් ආධ්‍ය අයියා අතට අහුවෙන එකෙන් දමලා ගහ- සැක්.. මම මේ මොනවද හිතන්නෙ..
'හිත දමනය කරගනින් වරද්'
මම එකදිගට ගලාගෙන එන දහසක් සිතුවිලි අහකට දාලා ඔලුවත් කස කස මම යාළුවෙලා ඉන්න මනුස්සයා හොයාගෙන ගියා.. ආවට පස්සෙ මම කට බලියන් නිදාගත්තා මිසක් රධ්‍ය අයිය කොහේද කියලා බැලුවෙ නෑනෙ.. බලන්න දේකුත් නෑ අපේ ආච්චි එක්ක පච හලන එකමයි වැඩේ.. නැත්නම් රෝන්දෙ යනවා.. එකතැනක ඉන්නෑ..
මමත් මාමා ගිය පස්සෙන්ම හිමින් සැරේ ගිහින් කුස්සියට එබුණා.. රධ්‍ය අයියා පොඩි හිරමනේ උඩ වාඩිවෙලා සියඹලා වගයක් කනවා.. අපේ මාමා කුස්සියෙ ඉඳන් එළීයට යන දොර ගාව ඉඳන් දොරට තඩිබානවා.. සේරටම මනමාල විසේ.. ඒකයි මේ.. අනිකා රධ්‍ය අයියා.. මේකා බඩවෙලාද සියඹලා කන්නෙ.. බීපු වෙලේ මම අතින් යමක් සිදුවුණාද.. නෑනෙ.. එහෙනම් එක දවසින් බඩ වෙනවයැ.. එහෙම වෙන්නෙ නෑ.. සංසේචනය වෙලා ලක්ශන පහළ වෙන්න ටික දවසක් යනවා.. අනික ඌට ළමයි හම්බෙන්නෑ කොහොමත්..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...