" කොහෙ යන්නද.. මාත් එක්ක නටන්න ලෑස්තිවෙන්නෙපා.. කොහෙවත් යන්නෙ නෑ..!!!"
" අනේ~ මගේ ඇඳුම් ඔක්කොම එහේනේ.. මට යන්න දෙන්නකො.."
"....."
" යනවද.. හා ද.. යන්නම්ද.."
"....."
" එහෙනම් මම යනවා ඈ.."
" දැන් මම මොකක්ද කිව්වෙ.."
" ඔයා එක්ක නටන්නෙපා කියලනෙ.. ඇයි මොකද කෑගහන්නෙ.."
" දැන් දවස් ගානකින් ගෙදර කවුරුත් හිටියෙත් නෑ.. මේ රෑ යන්න ලෑස්තිවුනොත් වරද්.. අම්මපා මම අඬු කඩනවා.."
" මගේද.."
"....."
" මගේද.. කියනවකො.. මගේද කඩන්නෙ.. ආව්.. මොන මගුලක්ද ටොකු අනින්නෙ.. මා වවුලා.."
" ගිහින් ඇඟ සෝදගෙන එන්න.."
" මට බෑ.."
" එකපාරයි අහන්නෙ.. සෝදනවද නැද්ද.."
" නෑ.. ආ~ආධ්‍ය අයියේ.. මාව බිමින් තියනවා..!!!!!!!!!!! අම්මා~තවුසෙට පිස්සුද.. එපා එපා!! හැබැයි රධ්‍ය අයියෙ-"
*ජබොඃඃඃඃඃඃ*
" තවුසෙ මෝඩ තඩි ඌරු කැස්බෑවා.. ඔහොම ඉඳපන්.. මම අද තව්සෙගෙ ඇටකටු ගලවලා රෙක්සිට කන්න දානවා.. අරිනවා දොර.. ආර්හ්!!!! ආධ්‍ය අයියේ රධ්‍ය අයියා මට කරදර කරනවා.. එන්නකෝ.. අයියේ.. තවුසෙගෙ කකුල් දෙකේම ඇඟිලි උලුවස්සෙ විතරක් නෙමේ හැම පුටු කකුලකම හැම මේසෙකම හැම බිත්-"
" බබා මේ ටවල් එක.."
රධ්‍ය අයියා වොශෲම් එකේ දොර ඇරල මගේ අතින් ටවල් එක තියලා කටත් උල් කල්ලා කිස් එකකුත් දීලා දොර වහගෙන යන්න ගියා..
" -හැම බිත්තියකම වැදියන් ඒස්වාහ පුඃ ..හොට කැත ගැටපොළොස් කොට්ටෝරුවා.. හිතක් පපුවක් නැති කිරි ඉබ්බා.."
රධ්‍ය අයියා කාමරේ ටීවි එක හයියෙන් දාගන්නවා මට ඇහුණා..
" වර~ද්.. ඔයාට ඇඟසෝදන්න මම තාර පැටියෙක් ගෙනැත්දෙන්නද.."
රධ්‍ය අයියා දොරට අමුතු තාලෙකට තට්ටුවකුත් දාලා එහාපැත්තෙ ඉඳන් කෑගැහුවා..
" මගෙන් මුකුත් අහගන්නැතුව යනවා යන්න..!!"
මම ඌට තවත් පැහැදිලි කල්ලා වැඩක් නැති නිසා ඇදුම් ටික ගලවලා කිළුටු ඇදුම් දාන බාස්කට් එකට විසික් කලා.. අපි හවස තුනට විතර තමයි රිසෝට් එකෙන් එන්න ආවේ.. ආධ්‍ය අයියට හෙට වැඩට යන්න තියෙන නිසායි හුගක් රෑ වෙලා ඇවිල්ලා ඩ්‍රයිව් කරන්නත් අමාරු නිසායි තුනට ආවෙ.. මෙහෙට එද්දි අට වුණා.. ආශිලා මහීශාලා කියාන් අයියලා සෙනුකයා ඔක්කොම එයාලගෙ ගෙවල් වල ගියා.. සයෝන් අයියත් දැන් ටිකකට කලින් තමයි ගෙදර ගියේ..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...