140 කොටස

26.8K 2.2K 288
                                    

මම ආධ්‍ය අයියා ඇඩ්මිට් කල්ලා ඉඳපු හොස්පිට්ල් එකේ රූම්ස් සේරම පහුකරගෙන දුවගෙන දුවගෙන ගියා.. මගේ හිතට හරි බරයි.. ආයෙම සතියකින් අයියව වත් කවුරුත් දකින්න වෙන්නෙ නෑ කියලා හිතුවහම.. මගේ පපුව එකසැරේට හිරිවැටිලා රිදීගෙන යනවා.. මේ ගෙවෙන්නෙ නම් හරි අමාරු දවස් ගොඩක්.. මගේ හිත නිතරම මට කියනවා..

''109''

මම රූම් එක ඉස්සරහා නැවතිලා මට පිටිපස්සෙන් ඈත එන රධ්‍ය අයියා දිහා හැරිලා බැලුවහම එයා ඔලුව වැනුවා.. මම කාමරේ දොර ඇරගෙන ඇතුළට යද්දි මාමා ඇඳේ පාමුලට වෙන්න ඔලුව තියාගෙන හොඳටම නිදි.. ආධ්‍ය අයියට ඔක්සිජන් මාස්ක් එකක් මූණට දාලා එකපැත්තකින් ලේ දෙනවා.. අනිත් අතට සේලයින් එකක් ගහලා.. මාමා ආධ්‍ය අයියගෙ අතකින් අල්ලගෙන හිටියා.. මම ඇතුළට ගිහින් මාමට තට්ටුවක් දැම්මම මාමා ගැස්සිලා ඇහැරුණා..

" සාකි-අහ්.. සුදුමහත්තයා.."

මම මාමට තුරුල් වුණා.. මම තාත්තෙක්ට වගේම මාමට හුඟක් ආදරෙයි.. 

" මාමෙ.."

මාමගෙ ඇඳුමෙන් එන සර්ජිකල් සුවඳ මගේ ඇඟපුරාම ගෑවෙන්න ඇති.. මාමා මාව අත් දෙකින්ම බදාගෙන නළලෙ පැත්තකට හාදුවක් දුන්නා..

" අයියට දැන් කොහොමද.."

මාමා ආධ්‍ය අයියා දිහා බලාගෙන හිටියේ හරිම හිස් වෙච්ච ඇස් දෙකකින්.. මම කවදාවත් මාමා කියන කැරැක්ටර් එක ඇතුළෙ මෙහෙම හැගීම් එළීයට ඒවි කියලා බලාපොරොත්තු වෙලාම නෑ..

" අපි බලමු.. යන්න පරක්කු වෙනවා නේද.."

ඒ එක්කම රධ්‍ය අයියත් දොර ඇරගෙන ඇතුළට ආවා..

" රධ්‍ය.."

" අයියට කොහොමද මාමෙ.."

" එයාව ෆේන්ට් වුණා ටිකකට කලින්.. බලමු.. තව ටිකකින් අයි වී එකක් තියනවා.."

" මාමට මහන්සිනෙ නයිට් කල්ලා මෙහෙ ඉන්නත්.. මම නවතින්නද.."

" එපා කොල්ලො.. මම ඉන්නම්.. උඹට තනියම කරන්න බෑ.."

" අනේ අයියට ඉක්මනට හොඳ වෙයි නේද.."

අපේ මාමා රධ්‍ය අයියා දිහා බලලා ආයෙම මගේ දිහා බැලුවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now