" හලෝ.."
මම හිටියේ හරියටම නුගේගොඩ නෝලිමිට් එක ඉස්සරහා.. සෙනුකයා එක්ක පාර පනින්න.. ඊයේ වැස්සට අහුවෙලා ලාවට හෙම්බිරිසාවක් හැදිලා තිබුනට පිරිටන් එකක් බීලා නිදාගත්තහම ඒක ඉබේටම ඇරිලා ගියා.. හැබැයි පොඩ්ඩක් කටහඩ හබක් වෙලා ඉන්නෙ.. දැන් කතාකරන්නෙ නාහෙන්..
මටත් ඉන්නෙ හරි පුදුම වෙන්ඩ බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් තමා.. ඒකාට මම ලෙඩ වෙච්ච එකට වඩා මම ලෙඩ වෙලා නාහෙන් කතාකරන එකට ආස හිතිලා මගෙන් අහනවා මාස දෙකකට සැරයක් වගේ ලෙඩවෙන්න බැරිවෙයිද කියලා.. ඕකා කොච්චර කොහොම කිව්වත් ගැටපොලොස් කොට්ටෝරුවෙක්මයි.. කිව්වොත් කියන්නෙ මගේ ඇගේ මාලුයි ගගේ මාලුයි ඔක්කොම නටන කතාවක් තමා..
හදිසියෙම ෆෝන් එකට එක දිගට එක දිගට කෝල්ස් වගයක් එන්න ගත්ත නිසා සෙනුකයා මට ෆෝන් එක ආන්සර් කරන්න කිව්වා.. එහෙම නැත්නම් මම පාරෙ ඉද්දි කෝල්ස් ආන්සර් කරන්නෙ ඉතින් අඩුවෙන්..
" හලෝ.. කවුද කතාකරන්නෙ.."
" කවුද ෂනෙරු.."
" කතාකරන්නෙ නෑනෙ.."
" කෝ බලන්න"
" හලෝ "සෙනුකයා පාර පැනලා මගෙන් ෆෝන් එක ඉල්ලගෙන ඒක කනේ තියාගත්තා..
" ඔන්න ඕක තියපන් බං.. මගුල කතාකරන්නෙත් නෑ.."
සෙනුකයා මගේ ෆෝන් එක කට් කල්ලා උගේ සාක්කුවට ඔබාගෙන අපි දෙන්නම බස් හෝල්ට් එකට ඇවිදගෙන ගියා.. ඒ යන්න වුනේ නෑ ආයෙම ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තු නිසා සෙනුකයා ෆෝන් එක අරන් සයිලන්ට් දැම්මා..
" පිස්සු හු#තෙක් ගන්නවා ගන්නවා ඉවරයක් නෑ.."
මම සෙනුකයට මොකුත් කියන්නැතුව කල්පනා කරේ කවුද ඔය ගන්නෙ කියලා.. ක්ලාස් එකේදිත් ඇලර්ට් විස්සකට වඩා එකම නම්බර් එකකින් ඇවිත් තිබුනා.. ඒ වුනාට මම එහෙම නම්බර් එකක් දන්නෙ නෑ.. මගේ කන්ටැක් ලිස්ට් එකේ නෑ..
හැන්දෑව නිසා සෙනග හැමතැනම පාරෙ එහා මෙයා යනවා.. අපි ඒ අස්සෙන් හරිම අමාරුවෙන් මොකෙක්ගෙවත් ඇගේ වදින්නැතිවෙන්න ඉස්සරහට ඇවිදගෙන ගියත් සෙනුකයා එකපාරටම මොකක් හරි දැකලා මාවත් ඇදගෙන එතනම තිබ්බ කහ ඉරෙන් පාර පැනලා සරසවි බුක් ශොප් එක ඇතුලට ගියා.. ට්රැෆික් නිසා හොදය්.. නැත්නම් මූටයි මටයි වැලිගමට අද ටිකට් ඇදෙන්නෙ.. ශොප් එක ඇතුලට ආවා විතරයි මම සෙනුකයගෙ පිට මැද්දට දබෝස් ගාලා පාරක් අතෑරියා.. යකෝ ඔහොමත් පාරවල් පනිනවද..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...