109 කොටස

38.6K 2.6K 549
                                    

" සිරාවට..?? ඊටපස්සෙ.."

" ඊටපස්සෙ බං දැන් අර තවාන් කියන බඩ්ඩ ඇවිත් කින්ට කියනවා පෝර්ශ්ව අල්ලලා හිර කරන්න කියලා.."

සෙනුකයා ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ගල් කැටේකට පයින් ගැහුව පාර ඒක විසික් වෙලා ගිහින් පොඩි එකෙක්ගෙ සපත්තුවේ වැදුනා..

" හා.."

" ඉතින් වේගාස් ඇවිත් පෝර්ශ්ව පන්නගෙන බයික් එකේ යනවා.. ඊටපස්සෙ කින්ගෙ බොඩිගාඩ් හොයාගන්නව තවාන් කියන්නෙ බොරුකාරයෙක් කියලා.."

" බලද්දි උන් ඔක්කොම වටේ යනවනෙ.."

" උඹ ඉඳපන්කො පකයා මැද්දෙන් පනින්නෙ නැතුව.. ඊටපස්සෙ බලද්දි තවාන් කියන්නෙ වේගාස්ගෙ කලින් ලව් එක.."

" පොඩ්ඩක් ඉඳපන්.. දැන් ඔය වේගාස් කියන එකා කී දෙනෙක් එක්ක යාළුද බං.. කලින් පෝර්ශ්ලු දැන් තවානක් ගැන කියනවා.. එතකොට පීට් මොකෙක්ද.. අම්මපා මම පීට් වුණානම් ඇට දෙක තලනවා අරූගෙ.."

" අම්මෝ බං එහෙම සීන් එකක් වෙනවා ඒකෙ.."

" හෑ.. ඇට දෙකත් තැලුවද.."

" නෑ ඕයි කරන්ට් එක අල්ලනවා.. වේගාස් පීට්ගෙ.. ඌ නම් මහ පිස්සු හු#තෙක්.. පස්පාරක් වෙඩි වැදිලත් මැරුණෙ නෑ බං.. අර බිග්ට එකපාරයි තිබ්බෙ ඌ මැරිලා වැටුණා.."

" සැක්.. උඹ ඔව්වා කොහෙන් හොයාගෙනද බලන්නෙ.."

" හොයනවා නෙමේ ඒයි.. ඒක හෙන ප්‍රසිද්ධයි.. ඕන්නම් රධ්‍ය අයියා ආවහම උඹලා දෙන්නා බලපන්.. මරු.. අයියට කියලා පාන් කවාගන්න පුලුවන්.."

" වෙන මොකුත් කවාගන්න බැරිවෙයිද දන්නෙ නෑ.."

" උඹනම් මහා බල්ලෙක් ෂනෙරු.. සැක්.."

සෙනුකයා මගේ පිට මැද්දට දබෝස් ගාලා පාරක් දුන්නා.. ඌයි මමයි මේ ග්‍රවුන්ඩ් එකේ තණකොළ ගලවන උන් එව්වා හරියට ගලවනවද බලනවා.. ජොනතන්ට බිග්මැච් එකේ ප්‍රැක්ටිස් නිසා මේ ටිකේ ඩියුටි එන්න වෙන්නෙ නෑ කිව්වා.. දැන් උගෙ වැඩ ටිකත් සෙනුකයගෙ පිට පැටවුණු නිසා මම සෙනුකයගෙන් උගේ වැඩ වලින් බාගයක් ඉල්ලගත්තා.. ඈත චමිරු හීනි රීප්ප පටියක් වන වන කැඩෙට් කරන උන්ට කෑගහනවා.. ඉඳලා හිටලා ඒකෙන් හොඳපාරවල් නෙළනවත් අපිට ඇහුණා.. සක්කිලි පරෙයියා.. ආවා මෙතන තුන්සමේ යන්න.. ගියානම් අම්මපා දනී මම කරන දේ.. අධිබලැති විදුලි කම්බියක් ගෙනැල්ලා අල්ලනවා අර සෙනුකයා කිව්වා වගේ..

SEPALIKA | COMPLETEDOnde histórias criam vida. Descubra agora