92 කොටස

46.8K 2.7K 794
                                    

" හෙට අප්පච්චියි අම්මයි දෙන්නම එනව නේ.."

" ම්ම්.."

" ඔයා අවුලෙන්ද ඉන්නෙ.."

" ටිකක්.. ම්ම්.. කියන්න තේරෙන්නෙ නෑ.."

" මේ ඔයා ආයෙම ආවහම අපි පන්සල් යමු..??"

" ඒ මොකෝ එකපාරටම පන්සල් යන්න මතක් වුණේ.."

" ඇයි හොඳ නැද්ද.. මට හිතුණා යන්න ඕන කියලා.."

" යමු යමු.. Let's go anywhere you want.."

" ඇත්තටමද කියන්නෙ.. ඕන තැනකට හා ද.."

රධ්‍ය අයියා මගේ දිහා බලලා ආයෙම ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා..

" ඔව්..??"

" ආ එහෙනම් අපි තරු බලන්න යමු.."

මම කම්මුලට අතකුත් තියාගෙන රධ්‍ය අයියගෙ මූණ දිහාම බලාගෙන ඉද්දි මම දැක්කා එයාගෙ කනක් රතුවෙලා කම්මුල් දෙකත් රෝසපාට වෙනවා.. 

" උඹටනම් ලැජ්ජාවක් නෑ වරද්.."

" මට..?? ඇයි කලින් දැනන් හිටියෙ නැද්ද ඔයා.."

" නෑ කලිනුත් දැනගෙන හිටියෙ.."

" එහෙනම් ඉතින් රතුවෙන්න ඕනයැ ඕකට.. මල විකාරනෙ.. ඇයි ඔයා තරු බලන්න යන්නැද්ද.."

" ඕක නවත්තගනින්.."

" බෑ.. මම නවත්තන්නෙ නෑ.. ඔයාටත් මාව නවත්තන්න බෑ.. කාටවත්ම බෑ.. මම දැන් ඔයාව මෙතන රේප් කරන්නයි යන්නෙ~.."

" වරද්..!!"

" කියන්න.."

" ඔය කට එක විනාඩි පහකට පොඩ්ඩක් වහගෙන ඉන්නවකො.."

" විනාඩි පහකට..?? ඒ මොකද.. ඔයාට බෑ මගේ කට වහන්න.."

" අර පිටිපස්සෙ ප්ලාස්ටරයක් ඇති අරන් දෙන්න මට.."

" ඒ මොකටද.. කොහෙද තුවාල වුනේ.. එන්න මම බලන්නම්.."

මම රධ්‍ය අයියගෙ අත ඇදලා ගත්තම රධ්‍ය අයියා ඉස්සරහා බලාගෙනම මගේ කට දෙපැත්තෙන් හයියෙන් අල්ලගත්තා..

" කටට අලවන්න.. කටට.. පොඩ්ඩක් ඕක වහගෙන ඉන්නවකො.."

" ආව් අනේ.. රිදෙනවා කම්මුල අල්ලන්නෙපා.. සැක්.."

මම රධ්‍ය අයියගෙ අත ගසලා දැම්මා..

" මොකද..??"

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now