දවස් හරිම හිමින් ගෙවිලා යනවා වගේ දැනෙනවා.. දවස් හිමින් ගෙවුණත් මම හිටියේ බෙල්ල ගාවටම වැඩ ගොඩක හිරවෙලා.. උදේ ඉස්කෝලෙ යනවා.. ආයෙම හවස ප්රැක්ටිස් යනවා.. ගෙදර එනවා.. ලබන සතියෙ ටූනමන්ට් එකක් නිසා මට වැඩිපුර ක්ලබ් එකේ ප්රැක්ටිස් වෙන්න වුණා.. ඒ ඇරෙන්න ඉස්කෝලෙ ස්පෝර්ට්ස් මීට් එකට දවස් තුනයි තිබ්බෙ.. සෝශල් එකත් එනවා.. මම අඳින්න ඇඳුමක් ලෑස්තිකරගෙන නෙමෙයි හිටියේ.. කරන්න දාහක් දේවල් හිතේ තියාගෙන හිටියත් මට වෙලාවකට හෙන මහන්සියක් දැනෙනවා..
" Help me, it's like the walls are caving in
Sometimes I feel like giving up
But I just can't
It isn't in my blood.."වෙලාව රෑ එක හමාරට විතර ඇති.. ෆෝන් එකේ ඇහෙන නෑහෙන ගානට සිඳුවක් ප්ලේ වෙනවා.. මම ලිය ලිය ඉඳපු ප්රිෆෙක්ට්ස් ඩයරි එක වහලා ඒකෙ අස්සට පෑන ගහලා බෑන්ඩ් එක දැම්මා.. හෙඩ් ප්රිෆෙක්ට් වෙනම ඩයරි එකක් මේන්ටේන් කරන්න ඕන එදිනෙදා වැඩ ගැන.. ඊටපස්සෙ සිකුරාදා වෙද්දි ප්රින්සිපල්ට කියලා ඒක සයින් කරවගන්න ඕන.. මටනම් ඉස්කෝලෙ ගමන එන්න එන්නම එපාවේගෙන එනවා වගේ දැනෙන්නෙ.. සමහර වෙලාවට මට එන කේන්තියට දිගට හරහට ළමයින්ට බැනගෙන යනවා.. එවෙලෙට එන කේන්තිය මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බෑ.. ඒ තරමට.. එහෙම වුණත් මට බැන්න එක ගැන පස්සෙ දුක හිතිලා පසුතැවෙන්න ගන්නවා.. එන්න එන්න ඔක්කොම දේවල් එපාවේගෙන යන කාලෙක මම හිටියේ.. ඒකට හේතු හුඟක් තිබ්බා..
පළවෙනිම හේතුව ලොකු අම්මා අපේ අම්මට කතාකල්ලා මම එක එක විදියේ පිරිමි ලමයි එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා කියපු එක..
මම ඇත්තටම එහෙම කියන්න හරිම හේතුවක් වත්, එහෙම කියන්නෙ ඇයිද කියලවත් දැනගෙන හිටියෙ නෑ.. මුලින්ම මට කතාව හැදුණේ කෝච් එක්ක.. ඊටපස්සෙ ක්ලබ් එකේ ජිම් ඉන්ස්ට්රක්ටර් එක්ක.. ඊටත්පස්සෙ තව ගොඩක් පිරිමි ගැන ලොකු අම්මා අපේ අම්මට කියලා තිබ්බා.. ලොකු අම්මට කොහෙන් මේවා ආරංචි වෙනවද මම දන්නෙ නෑ.. සමහරවිට එහේ ඉන්න මල්ලියි අයියයි මම ගැන හිතාගෙන ඉන්න විදිය එහෙම වෙන්න ඇති.. ඒවා ලොකු අම්මා එක්ක කිව්වහම ලොකු අම්මා කුපිත වෙලා සේරම අම්මගෙ කනේ තියනවා මදි පාඩු ලුණු ඇඹුලුත් එක්කම.. ඕක මාමට මම නොකිය ඉඳලත් පස්සෙ ආච්චිඅම්මා මාමට කතාකරපු වෙලාවක ඔය ප්රශ්නෙ ගැන කියලා තිබ්බා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...