" උඹනම් සුදුමහත්තයා!!! අක්කා කියනවා වගේ පොල්පිත්තෙන් තමා කපාගෙන තියෙන්නෙ.. ගොං හරකා.."
*චටාස්*
" ආව් අනේ.. මොන මගුලක්ද.."
" ඇඳුමක් නෑ හරියට.. බලපන් අල්මාරිය ඇරලා..!! එකම තියාගෙන පට්ට ගහනවා.. දැන් අනිද්දා ගමනක් යන්න ඉන්නවා.. ඇත්තමයි උඹට ගාණක් නැද්ද කියපන්.. නැති එකෙක්නම් කමක් නෑ.."
අපේ මාමා මගේ කනෙන් අල්ලගෙන කියවගෙන කියවගෙන ගියා.. මේ මනුස්සයා නාකිත් එක්කන්.. මෙහෙම කේන්ති අරගෙන හරියනවද මං අහන්නෙ..
" මේ මාමට ප්‍රෙසර් හැදිලා මොකක් හරි වෙයි.. කේන්ති නොගෙන ඉන්නකො හලො.."
" උඹ නිසා තමා ප්‍රෙසර් තදවෙන්නෙ.. ඉඳපන් ගෙදර ගියාම.. උඹව හමගහනවා.. බැඩ්මින්ටන් ගහන්න නෙමේ යවන්න තියෙන්නෙ.."
" එහෙනම් කොහෙ යන්නද.. මාමා දන්නෙ නෑනෙ.. මම මෙඩ්ඩෙක් නොවුණනම් පොල් කඩන්න යන්න හිටියෙ.."
මාමට හිනායන්න ඇවිල්ලා මගේ කන අතෑරලා ආයෙම රවාගත්තා.. ආධ්‍ය අයියගෙ සුදුඅප්පච්චි මට වද හිංසා දෙනවා අයියෙ.. දෙදරු පියෙක් කතාකරන විදියද මං අහන්නෙ මේ.. දැන් ප්‍රෙසර් හැදිලා මොකක් හරි වුණොත් දරුපව්ල මට භාරගන්න වෙයි.. ඉස්සරනම් ආධ්‍ය අයියව බාරගන්න මම කොහොමත් කැමැත්තෙන් හිටියෙ.. දැන් දරුමල්ලොත් ඉන්නවා.. අනේ මේ මට බෑ.. මගේ මිනිහා එකගෙයි කනවා කිව්වට එහෙම කන්න බෑනෙ..
" ඔව් ඔව්.. පොල් කඩන්න පලයන්.."
මාමා ශොපින් මෝල් එකේ පාකින් ලොට් එකෙන් කාර් එක නැවැත්තුවා.. මම අර අඟල් දෙකේ ගෙදරට ඇඳගෙන හිටපු ශෝට් එක පහළට ඇදගත්තා.. මේ මොන විළි ලැජ්ජාවක්ද.. ගෙදරට වෙලා කියාරලාව හුරතල් කර කර හිටිය මාව, මාමා ඇදගෙන කාර් එකට දාගෙන ශොපින් කරන්න එක්කන් ආවෙ.. මම පස්සෙ හිමින්සැරේ ගන්න යනවනෙ.. අනික ටුවර් එකට යන්නෙ අනිද්දනෙ.. හෙට දවසක් තියෙන්නෙ..
මම කළුපාට මාස්ක් එකක් අරගෙන දාගත්තා.. මිනිස්සු මාව අඳුරගත්තොත් සිරාවටම පොල් කඩන්න යන ගමන් හිතාවි.. මාමා අනිත් පැත්තෙන් ඇවිත් මට බහින්න දොර ඇරියා.. මම සැන්ඩ්ල්ස් දෙකේ පටි දෙක තදකරගෙන රාජකුමාරයා වගේ එළීයට බැහැලා මාමගෙ අතේ එල්ලුණා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...