132කොටස

32.3K 2.3K 798
                                    

" ඇම් හෙල්දි!! ඇම් වෙල්දි!! ඇම් රිච්!! ඇන්ඩ්.. ඇම් දැට් බිච්..!! සී.. ඉස් අයි කාන්ට් ඩූ දිස්.. නෝ වන් කැන්.."

මම ප්‍රිෆෙක්ට් රූම් එක මැද්දට ගිහින් මගේ සුවාමිපුරුසයො ටික එහාට මෙහාට කල්ලා ඉඩ හදාගත්තා..

" ඇම් හෙල්දි වෙල්දි නෙමේ පකෝ හිනායන එක නවත්තන්න විදියක් කියපන්.."

කවිඳුවා එහෙමම හිනාවෙලා හිනාවෙලා පණ නැතුව පුටුවකට කඩාගෙන වැටුණා.. අපිටත් හිනා යනවා තමා ඉතින්.. මොනව කරන්නද.. ඉස්කෝලෙ වෙනුවෙන් නෙ කියලා හිත හදාගන්නවා.. අතිගරු ජනාධිපතිතුමාත් එදාට කඩා වදිනවලුනෙ.. මහින්ද මහත්තයවත් ආවනම්.. අනේ ඒ පිංපාට මූණ ආයෙ දකගන්න ඇත්නම්.. චිරං ජයතු මහරජාන-..!!

" හා හරි හරි.. ආතල් නෑ.. ෂනෙරුවා දුවගෙන ඇවිත් චමිරුගෙ උකුළ උඩින් වාඩිවෙයන්.. චමිරු මූව බිම දාන්නෑ.."

සෙනුකයා මහපගයා ස්ක්‍රිප්ට් එකත් අතේ තියාගෙන ඕවර් ඇක්ටින් දඟලානා පාරක් දාලා ගියා.. මේ අර ඇනිවසරි අයිටම් එක පුරුදුවෙනවනෙ ප්‍රිෆෙක්ට්ස් කවුන්සිල් එක.. මේපාර දෙන්නෙ දොඹෙන් යන්න.. දන්නෑ මේ ප්‍රිෆෙක්ට් බැජ් එක ගැන.. කියාන් අයියා අඬන්නම ඕන අපි ඩියුටි කල්ලා ඉවරවෙද්දි.. නැත්නම් මම ඌට කඳුළුගෑස් ගහනවා.. නෑ නෑ.. අලි ඔලුවෙන් ඉන්න අනිත් පුතාණෝලා ටිකත් පෝලිමේ හිට්ටලා කඳුළු ගෑස් ගහන්නෙ.. අරගලේ කෑවට පස්සෙ කෑවෙත් නෑනෙ..

" අනේ මේ බං මට බෑ මේක කරන්න.. ලෙංචිනාට අඳින්න.. කෙල්ලත් හිනාවෙනවා.. මේ මොනෞත්තක්ද.."

" ඒක අහගනින් ඩ්‍රාමා මැඩම්ගෙන්.. දැන් සිංදුව කියන කට්ටිය මෙහෙට වෙන්න.. රඟපාන උන් මෙහෙට එන්න.. හරි වන්.. ටූ.. ත්‍රී.. ෆෝ.."

දේවි උදුම්බරාට ඉන්න කොල්ලා ගස්සගෙන පද්දගෙන නලවගෙන පැත්තක ඉඳන් අමුතු ලිලාවකින් මැද්දට ඇවිල්ලා වටයක් කැරකුණාම උගෙ කුමාරයා අරූගෙ කොණ්ඩෙ හදනවා.. සෙනුකයා සිංදුව කියන්න කිව්වට ඌ ඉන්නෙත් උඩ බලාගෙන මොකුත් දැක්කෙ නෑ වගේ.. මුන්ට මොන ලීලාද.. ගහගන්න වගේ ගස්සලා පද්දලා එන්නෙ.. මුන් හොඳයි එළාරටයි දුටුගැමුණුටයි.. මම අහන්නෙ ඇයි දුටුගැමුණු රජතුමාට එළාර එක්ක මෙව්වා වෙන්න බැරිවුනේ.. ඉතිහාසෙ වෙනස් කරනවා නෙමේ.. පොර කාවන්තිස්සට ගෑණු යටඇඳුම් යැව්වෙ පොඩි ගේ වයිබ් එකක් නිසාද දන්නෑ.. දැන් කාලෙනම් ඔහොම යවන්නෙ සුගර් ඩැඩීලනෙ.. රධ්‍ය අයියට කියන්නෝන මට යට ඇඳුමක් එවපන් කියලා.. එක්කො එපා.. උගෙ යට ඇඳුණුත් මගේ අල්මරිය අස්සෙ ඔබලා යනවනෙ.. දකින මිනිස්සු හිතයි මට අසහනේ කියලා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now