68 කොටස

97.8K 4.1K 1.7K
                                    

" සුදුමහත්තයා.. මේ නැගිටලා මට මේ තෙල් ටික කොණ්ඩෙ ගාලා දෙන්නකෝ.."

" අනෙ මම නිදි අප්පා.. මේ උදේම නාන්න ඕනද.. දවල් වෙලා ගාන්නම්.."

" එහෙනම් දවල් වෙලා ගාලා දෙන්න ඈ.."

" හා හා.."

මම ඇදේ වටයක් කැරකිලා කොට්ටෙ උස්සලා මූණෙ තියාගත්තා.. අපේ අම්මා උදේම නැගිටලා උයනවා.. මටත් පුරුද්දට හතරට නැගිට්ටෙනවා වෙනදා වගේ.. මම හතරට නැගිටලා ආයෙම හත වෙනකල්ම නිදාගත්තා.. ඊයෙ ගෙදර එද්දි රෑ දොළහත් පහුවෙලා.. මමනම් වැනි වැනී ඇවිත් එහෙමම ඇදට වැටුනා විතරයි මතක ඇදන් ඉදපු ඇදුම් පිටින්.. එහෙම පැයක් විතර නිදාගෙන හිටියට පස්සෙ අම්මා ඇවිත් බලෙන්ම ඇදගෙන ගිහින් මාව නානකාමරේට දාලා ඇග හෝදගන්න කිව්වා.. ඉතින් ඊයෙ අපි දෙන්නම නිදාගත්තෙ පාන්දර.. ඒ වුණාට අම්මා පුරුදු විදියටම උදේ නැගිටලා උයනවා.. කොහොමත් එහෙමනෙ.. හෙන ගගහා වැස්සත් අම්මා රෙද්ද පොරවගෙන හරි උයනවා..

අපේ අම්මයි රධ්‍ය අයියගෙ අම්මයි ඊයේ මුලු සෙරමනි එක වෙලාවෙම කියවලා පස්සෙ පාකින් ලොට් එකට වෙලාත් හෙන වෙලාවක් කියෙව්වා.. ඊටපස්සෙ ඒකට සෙනුකයගෙ අම්මත් එකතු වෙලා තව පැයබාගයක් විතර කියවනකල් මමයි සෙනුකයයි රධ්‍ය අයියයි අපි තුන්දෙනාම බ්ලෙසර්, අරවා මේවා, අම්මලගෙ හෑන්ඩ්බෑග් සේරම එල්ලගෙ මොක්කුද තුන්දෙනා වගේ පේළියට බිත්තියකට හේත්තුවෙලා ඒ කියන ඒවා ඉවරවෙනකල් අහගෙන ඉදියා.. ආයෙනම් අම්මලා එක්කන් මොකකටවත් යන්න හොද නෑ.. පුදුම කට්ටක් කෑවෙ ඒක නිසා.. 

අන්තිමට ඒ සුහද ළිඳ ළග සංගමේ ඉවරවෙලා අපි එන්න ආවා.. පුදුම චීත්ත තුනක් තමා සෙට් වුණේ.. හරිම සෝක්..

අනිත් එක ෆොටෝග්‍රැපි සොසයිටි එකේ අයියලා ටික.. හැම එකා එක්කම ෆොටෝ වලට හිනාවෙලා ඉදලා මගේ හක්ක පැනලා තිබ්බෙ.. අපේ අම්මටත් ඒකනම් එපාවුණාද කොහෙද.. කොහොමහරි ඉතින් අපේ ගෙදර දෝණිත් බෝයි ස්කූල් එකක මැගසින් එකක ලස්සනට ප්‍රින්ට් වෙලා ඉදී ලබන සතිය වෙද්දි.. ඒකත් ඉතින් ලේසි පාසු බෝයි ස්කුල් එකකද.. අම්මට මම වගේ පුතෙක් ඉන්න නිසා ඉතින් හොදයි.. 

මම කොට්ටෙ බදාගෙන ඇදේ මුනින් අතට හැරිලා නියපොත්තක් හපන්න ගත්තා.. සෙරමනි එක නෙමේනෙ.. ඊයෙ වෙච්ච දේවල් මුල ඉදන් මොලේට ප්‍රොසෙස් කරගන්න එපැයි.. මදැයි හොල්මන් බලන්න ගියා.. මතක් වෙද්දිත් මගේ අත පයේ ඉදන් රතු වෙන්න ගත්තා.. දැන්නම් වෙච්ච දේවල් මතක් වෙද්දි රෙද්දක් ඇදන් රධ්‍ය අයියගෙ මූණ බැලුවෙ කොහොමද කියලා මටම හිතාගන්න බෑ.. හත්දෙයියනේ මම ඒ මනුස්සයට බලහත්කාරකම් කලා නේද.. සැක් වරද්.. උඹ හිටියේ කොහොමද හොර බළලා වගේ.. උඹ හොදයි.. ඒකා හිටියෙ කොහොමද.. උපාසක බලලා වගේ.. බේසික බළල්ලු දෙන්නා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now