සෙනුක.. සෙනුක හම්බුණාට පස්සෙ මගේ හිතට දැනුණු සහනෙ ගැන නම් මට කියලා නිම කරන්න බැරි තරම්.. සති අන්තෙ නිසා.. අපි ඇවිදින්න ගියා.. ඌ එක්ක ඉන්නකොට අර ඉස්සර ඉන්න මාවම ආයෙම එළීයට ඇවිල්ලා කියලා මට දැනුණා.. මට උවමනා වුණේ ඒ අඳුරු හැගීම අයින් කල්ලා මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා හිතට දැනෙන්න ඇරෙන්න විතරයි.. මම මගේ කියලා හිතාගෙන ඉන්න.. මම ආදරේ කරපු අයගෙන මට හිටියෙ ඉතුරුවෙලා සෙනුක විතරයි.. මගේ අම්මා..
ඒ ගැන මම ආයෙම නොහිතා ඉන්න තීරණේ කළා..
මම කිසිම දෙයක් කරන්නෙ අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තුව නෙමේ.. ඉතින් ඒකට කමක් නෑ.. අම්මා අම්මගෙ ජීවිතේ ඉස්සරහට යන්න හදනවා.. මට සාම්ප්රදායික පුතෙක් වෙලා ඒකට අකුල් හෙලන්න බෑ.. මම මගේ හිත හදාගත්තා..
සෙනුක හරි අමුතු මනුස්සයෙක්.. ඌ හරියටම මාව කියවන්නෙ.. ඌ මගේ හැමදෙයක්ම බලන් ඉඳලා වගේ.. සමහරවිට අයුක අයියා නිසාද දන්නෙ නෑ.. මට සෙනුකගෙ යාළුකම.. ඒ ආදරේ දැනුණෙ මහමෙරක් වගේ.. මගේ අමාරුම තැන් වලදි සෙනුක මගේ අතින් අල්ලගෙන මාව ඇදගෙන ගියා.. එහෙම යාළුවෙක් ලබන්න.. අනිවාරෙන්ම මම පහුගිය ආත්මෙක මොකක් හරි පිනක් කරන්න ඇති කියලා මම නිතර හිතුවා..
සෙනුක හමුවෙන්න ගිය වෙලේ අපි දලදා මාළීගාවෙ ගියා. ඊටපස්සෙ ඌ නහින්න හැදුවා පේරාදෙණි ගාඩ්න් යමු කියලා.. ඊටපස්සෙ ඔය කඩචෝරු කකා ඇවිදලා නටලා කල්ලා මම කොළඹ ආවා.. තව මට ඔලුව පිස්සු වැටෙන පාඩම් වගේකුත් ඌ කියලා දුන්නා.. සෙනුකයට මට වඩා සෑහෙන්න වැඩ පුළුවන්.. අනික ඌ සිංදු කියද්දි අහගෙන ඉන්න හිතෙනවා.. දකින උන් හිතන්නෙ එක අතකට අපි දෙන්නා කපල් එකක් කියලා.. සාමාන්යෙන් යාළු කොල්ලො දෙන්නෙක් ඉන්නවට වඩා අපි දෙන්නට ස්කින් ශිප් තිබුණා.. ඉස්කෝලෙ උන් නම් සෙනුකයි මමයි කිව්වම අර අමුඩෙයි පුපයි වගේ තමා.. නැතුවම බෑ.. ඔය අමුඩෙ කතාව කිව්වෙත් සර් කෙනෙක් තමා.. මම ව්ශෲම් යනවනම්.. ඌටත් බරේ හැදෙනවා.. කනවනම් කනවා.. නොකා ඉන්නවනම් දෙන්නම නෑ.. මගේ පොඩි කාලෙ ලස්සන වෙන්න එක හේතුවක් තමයි සෙනුක.. ඌ හුඟක් බිසී වුණත් පුළුවන් හැමවෙලේම මං ගැන හෙව්වා.. මමත් මට පුළුවන් තරමින් ඌ ගැන හෙව්වා.. ඉස්සර වගේ නෙමෙයි ඉතින්.. දැන් අයුක අයියා ඉන්නවනෙ..
![](https://img.wattpad.com/cover/337524932-288-k824048.jpg)
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...