ඉතුරු දවස් කීපෙත් ඉක්මනට ගෙවිලා ගිහින් ඉක්මනටම අවුරුද්දත් ආවා.. අවුරුදු දවස මොකක්ද මන්දා අටාමාරෙ ඉදන් පහයි ගානක් වෙනකල්ම නොනගතේ.. දවසෙම බඩගින්නෙ.. කන්නත් නෑ අපේ අම්මා නාග මාණික්‍ය රකින නාග කන්‍යාව වගේ කෑම මේසෙ ගාව ඉදන් පුප්පනවා පුප්පනවා ඉවරයක් නෑ.. ටැප් එකක්වත් අරින්න නෑ.. මමයි මාමයි වෙල පහලට ගිහින් ජම්බු වගයක් කඩාගෙන කාලා ඇවිදලා ආයෙම ගෙදර එන්න ආවා.. බඩගින්න ඉවසගෙන ඉදල බැරිම තැන රධ්‍ය අයියට කෝල් එකක් අරගෙන ඌටත් බැනලා බැනලා තිබ්බා.. ඌ හොදට ගිලිනවා කාමරේ අස්සට වෙලා.. මම කිව්වහම බඩගිනී කියලා ඌ කියනවා අර හින්දු අය වගේ වෙන්න ස්වාමිපුරුශයා වෙනුවෙන් මට උපවාස කරන්නලු දීර්ඝායුශ පතලා.. පතනවා මම ඕකට.. ගැටහැලප පොලොස්කොට්ටෝරුවා..
අන්තිමේ යාන්තම් ඔරලෝසුවට වැදලා වැදලා පහයි පහ උනාට පස්සෙ දෙයියනේ කියලා දකුණ හොයාගෙන කලින් හදපු ගානක් හදලා දාලා පොත කාමරේ කොහේටදෝ මන්දා විසික් කරගෙන හොදහැටි කෑවා මාමයි මමයි..
ඊටපස්සෙ ඉතින් කාමරේට තමා.. මාමගෙ කාමරේට රිංගත්ත මම මාමා එක්ක ගේම් එකක් ගහගෙන සාමෙන් සතුටෙන් ලැබුවාවූ නව වසර සැමරුවේ පැයයි.. අපේ ආච්චි ඉස්කෝලෙහාමිනේ නිසා ගමේ මිනිස්සු තඩි පිගන් උස්සගෙන අපේ ගෙදර එන්න ගත්තා.. ඒ අස්සෙ අපෙ අම්මට ඕන වුනා මම කොච්චර ලොකු වුනාද කියලා අම්මා අදුරන යාලුවොන්ට පෙන්නන්න.. මම ඉතින් සැරින් සැරේ කතාකරද්දි දොර රෙද්ද මෑත් කරනවා දත් ටික පෙන්නලා හිනාවෙනවා කාමරේට රිංගනවා.. මල කරුමයක් ඒකනම්.. ඒ අස්සෙ පොඩි උන් ඇවිත් පාඩම් කරන හැටිත් අහනවා.. අනේ ලමයෝ මේ අයියා පාඩම් කරන හැටි ඇහුවොත් ඔය ලමයි මට පුපෙන් හිනාවෙයි..
" මුල ඉදන් හොදට පාඩම් කරන්න ඕන මල්ලි.."
" ඒකතමයි නේද නැන්දෙ.. ඔව් ඔව් ෆෝන් එක නම් ඕන නෑනෙ මේ කාලෙට.."
" ටිවී බලලා නාස්තිකරන්න වෙලාවක් නෑ මල්ලි.. පාඩම් කරන්න ඕන හොදට.."
" ඒකතමා අනවශ්‍ය දේවල්නෙ නැන්දෙ.. ඕවා කැම්පස් ගියහම පුලුවන්නෙ.. ඔව් ඔව් ඒකතමා.."මම ඉතින් හැමෝම කියන සාමාන්‍ය බොරු ටික හෙන උපදෙස් ගානට දාලා මගෙන් පාඩම් කරන හැටි අහන උන් සේරටම කියල දැම්මා.. උන් දන්නෑනෙ මම නටන නාඩගම්.. මොකෝ කුරුඳුවත්තෙ ඇවිත් ඕවා හොයන්නයැ.. නෑනෙ.. අපේ මාමටනම් ඒ අස්සෙත් විවාහ යෝජනා දෙක තුනක් සෙට් වුනා.. ඒ වුනාට ඩයල් එක ඕවට නෑ.. පාඩුවෙනෙ ඉන්නෙ.. හිනාවෙලා සයිඩ් ගහලා හිටියා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...