15 කොටස

50.8K 3.3K 524
                                    

" දැන් ඔය ලමයගෙ ගෙවල් කොහෙද තියෙනව කියන්නෙ.."

අම්මා ඇහුවේ මම ලෙලි ගහපු පොල් ගොඩ ගෙට අරන් යන ගමන්.. තාම උදේ පහමාරයි.. අපේ අම්මා ඉතින් මම ඉස්කෝලෙ නොගියත් උදේම උයලා ඉවරකරනවා.. ඊටපස්සෙ දවල්ට එයාට ඇදුම් මහගන්නවා.. නැත්නම් මල් පැලයක් බදාගෙන ඉන්නවා.. වැඩක් ඇත්තෙම නැත්නම් ඉතින් නිදාගන්නවා..

මම ඊයෙයි පෙරේදයි ඉස්කෝලෙ ගියේ නැත්තෙ අපිට මේ දවස් දෙකේම රිවිශන් ක්ලාස් තිබුනා උදේ ඉදලා රෑ වෙනකල්ම.. ඒ වැඩ අස්සෙ ඉස්කෝලෙ යන්න තියා හිතාගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.. මම නෑ කියලා ලොකු අවුලක් තිබ්බෙත් නෑ කියලා නෆ්‍රාස් මට මැසේජ් එකක් දාලා තිබුනා.. අනික මම ගෙදර ඉදලා කරන්න පුලුවන් උදව්වක් තිබ්බනම් එවෙලෙම කල්ලා ඒගොල්ලොන්ට යැව්වා.. අයියලත් ඉන්න නිසා අවුලක් තියෙන්නෙ නැතුව ඇති..

මම උදේ ලෑස්තිවුනේ රධ්‍ය අයියලගෙ ගෙදර යන්න.. මම යන්න දන්නෙත් නෑ ගිහිල්ලත් නෑ.. ඒකනිසා සෙනුකයට කතාකල්ලා කිව්වහම ඌ එන්නම් කිව්වා උදේ ගෙවල් ලගට මාවත් පික් කරන් යන්න්න.. ඌට දැන් ශුගර් ඩැඩී කෙනෙක් හම්බෙලා ඒකනිසා අයුක අයියා ඌවත් දාගෙනම කාර් එකේ එන්නම් කියලා තිබ්බා.. අයුක අයියගෙ තාත්තා මම අහලා තියෙන විදියට මිනිස්ටර් කෙනෙක්.. අපේ එකත් ඉදලා ඉදලා පය ගහලා තියෙන්නෙ සෑහෙන්න බර අත්තකට බලන් යද්දි..

කාර් එකේ යන නිසා මම සුදු කොට කලිසමකට ලා නිල් පාට අතට අහුවෙච්ච ටී ශර්ට් එක මදින්න කම්මැලි නිසා එහෙමම ඇදගෙන කොණ්ඩෙත් උඩට හදලා අම්මගෙ කාමරේට රිංගලා ඒකෙ තිබ්බ ඕඩිකොලොන් බෝතලේ ඇගේ හලාගෙන බාට දෙකයි වොලට් එකයි සාක්කුවෙ ඔබාගෙන හතාමාරට ගෙදරින් ආවා..

හොදට අදින්න ඔන්නෑනෙ අනික මගුල් ගෙදරක යනව කියලයැ.. මම හංදියට එද්දිම වගේ සෙනුකයා මට කෝල් කලා..

" ඕ බං.."

" මේ අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉස්සරහට වරෙං.."

" ආ හා.."

මම ඉස්සරහට යද්දී දැක්කා සොරැන්ටො එකක් පාරෙන් එහාපැත්තෙ නතරකල්ලා තියෙනවා.. සෙනුකයා මොකාද එකා වගේ ශටර් එකෙන් මට අත වනනවා.. සැක් මූ මොකෙක්ද මන්දා.. මම ඌව දැක්කෙ නෑ වගේ ගිහින් පිටිපස්සෙන් නැග්ගා.. මූ හෙන ඩ්‍රාමා ක්වීන් මෙහෙම ඉදියට.. අයුක අයියා ශේඩ්ස් දෙකත් දාලා ෆිට් ඩෙනිමකට චෙක් ෂර්ට් එකක් ඇදලා හෙන ගැම්මට ඇවිත් ඉදියේ.. සෙනුකයත් එහෙමයි.. මම අර හත්පත්තුවෙන් බැහැලා ආපු එකා වගේ බාටා කෑලි දෙකකුත් දාගෙන මෙලෝ රහක් නෑ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now