" මම කිරිල්ලියක් තමයී.. මේහ්.. මගේ පිහාටූ~~~"
" ඕකෙන් එළියට වරෙන් ෂනෙරු.."
" ඉඳහ-හුක් මෙන්න මාව හිරවෙලා.. අඩෝ සෙනුකයා.. ආශි!! අඩෝ ගස් දෙබලේ හිරවෙලා.. අඩේ වරෙන්කෝ.. මහීශාආආආආආආආආආ"
" මේ පිස්සු හු#තට පදක්කමෙන් දෙන්න හිතයි දැන්.. මගේ අත අල්ලගනින්.."
මහීශා මල් කළඹ එක අතකින් උස්සගෙන අනිත් අතින් සාරිය උස්සගෙන ගහට කකුලක් තියලා දෙබළේ හිරවෙලා හිටිය මාව ඇද්දා.. මාව ගිහින් තව ටිකක් දෙබළ මැද්දෙ හිරවුණාම ආශිත් මල් කළඹ පද්ද පද්ද එතෙන්ට ආවා..
" කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ..
දෙමාපියන් සෙවනේ..
ඌප්ස් අනේ මේ මොකද මේ.."" මෙන්න මේ පගා දෙබළෙ හිරවෙලා.. ඇදපන් බං.."
ආශි මල් කළඹ සෙනුකයගෙ ඇඟේ ගහලා මාව අනිත් අතින් ඇද්ද පාරට මම උන් දෙන්නවත් පෙරළගෙන තණකොළ ගොඩේ ඇදගෙන වැටුණා.. මල් පොකුරු උඩින් විසික් වුණා.. සැකේයියා.. අසමජ්ජාති අරලිය ගස් දෙබළෙ.. මගේ සායම හේදුවා..
" අයියෝ බං නටන්නැතුව ඉඳපල්ලකො.. ලැජ්ජයි උඹලා එක්ක තැනකට යන්න.."
සෙනුකයා උඩින් ගිය මල් පොකුරු දෙකත් උස්සගෙන ඇවිත් මාව ඇහින්දා.. අරුන් දෙන්නගෙ සාරි දෙක කැළේ.. අනාගත දොස්තරලා හතරදෙනෙක් නේද මේ තිරිසන්නු වගේ හැසිරෙන්නෙ.. මම ඇඟේ තිබ්බ තණකොළ එක දෙක ගසලා තද කොළපාට බ්ලෙසර් එක ගසලා බෝ එක හදාගත්තා..
අද අපේ චමිරු ලොකු අයියණ්ඩියගෙ විවාහ උත්සවේ..
මම තමයි මනමාල යාලුවා.. සෙනුකත් මනමාල යාලුවා.. අනිත් උන් දෙන්නා මනමාලි යාලුවො.. මනමාල නංගි සම්පූර්ණෙන්ම ලංකාවෙ කෙල්ලෙක් නෙමේ.. එයාගෙ බාගයක් ඇමරිකන්.. අනිත් බාගෙ ලංකාවෙ.. ඉතින් අපි එක්ක එයා හෙන ෆිට්.. චමිරුවගෙ ලිලී මල..
එයාගෙ නම ලිලී..
අපිට වඩා අවුරුද්දක් ලිලී බාලයි.. හරිම ලස්සන ගෑණූළමයෙක්.. ඒ වගේම ලාමකයි.. හැමතිස්සෙම චමිරුගෙ අත අස්සෙ රිංගගෙන බයෙන් අපි එක්ක කතාකරන්නෙ.. මොකද අපි ගාව ඉන්න කෙල්ලො දෙන්නම ටිං බෙලෙක්ක දෙක වගේ විලාප තියනවනෙ.. එයාට මෙහේ ඒ තරම්ම හුරු නෑ.. කොහොම වුණත් චමිරු ලිලීට පොඩ්ඩක්වත් සැරෙන් කතාකරන්නෙ නෑ.. උගේ ඇස් දෙක ස්පාර්ක් වෙනවා ලිලීගෙ නම ඇහුවත්..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...