" නැගිටපන් ෂනෙරුවා.."
" උඹට පේන්නැද්ද නැගිටින්න විදියක් නෑ කියලා.."
" මොනෞත්තක්ද ඕයි.. කොහොම හරි නැකිටලා වරෙං රෑ දොළහට කිට්ටුයි.."
මම රධ්ය අයියා බූවල්ලෙක් වගේ මගේ ඇගපුරාම ඔතාගෙන ඉන්න අඬු එකින් එක ගලවගන්න හැදුවා විතරයි මාව කලින් පාරටත් වඩා තද කල්ලා බදාගෙන රධ්ය අයියා මගේ පැත්ත හැරුණා.. සෙනුකයා එහෙමම බිමට පහත් වුනා..
මහීශා අයුක අයියා එක්ක දුර කඩෙන් ෆෝන් එක හදාගෙන එද්දි නමයට විතර වුණා.. අයුක අයියට එපාවෙලා තිබ්බෙ කියලා මූණ දැක්කහම තේරුණා.. මහීශා ඇල්ල ටවුන් එකේම අයුක අයියව හෙන වටයක් අරගෙන ගිහින් තිබ්බා.. පව් මොකක් වුණත්..
ඒ අස්සෙ ආශි කේක් එකක් පාට දෙකකින් අයිසින් කලා ඒකිගෙ කාමරේට වෙලා පැයගානක් ස්ප්රින්කල්ස් අලව අලව හිටියා.. ඒකනිසා මහීශා ඒකිගෙ කෑම එකත් අරගෙන උන් දෙන්නගෙ කාමරේට ගිහින් දොර වහගත්තා.. ඊටපස්සෙ හැමෝම කෑම කාලා ඉක්මනට නිදාගන්න ආවා.. අයුක අයියනම් මහන්සී කියලා කලින්ම නිදාගත්තා.. දවල් හයික් එකකට ගිහින් හැන්දෑවෙ ඉදන් රෑ වෙනකල් ෆෝන් හදන්න ඇවිදලා ඒකා හිටියේ මහන්සියෙන්..
" උඹ නැගිටලා වරෙන් හිමින්.. ඕකා නැගිටින්නෑ.."
මම රධ්ය අයියගෙ අත් දෙක අස්සෙන් පහලට රූටලා කොහොම හරි ඇඳෙන් බැහැලා කාමරේ දොර ඇරියා.. කියාන් අයියා මල හොල්මන වගේ මූණට ඉටිපන්දමක් අල්ලගෙන ඉදලා සෙනුකයා ඌට බයවෙලා ආයෙම දඩාස් ගාලා දොර වැහුවා..
" ඌට නේද බං ඊරියකා කියන්නෙ.. අඩෝ අපේ දොර ඉස්සරහා.."
" ඊරියකා නෙමේ බල්ලො රීරියකා.. ඒ හිටියෙ කියාන් අයියා.."
" සිරාවට.."
" උඹත් මහ පිස්සු පකෙක් තමා.."
මම සෙනුකයව එහාට තල්ලු කල්ලා දොර ඇරියහම ආශි කොටට කොටේ තඩි බෝ එකක් කොණ්ඩෙ ගහන් රෝස පාට පිජාමා එකකුත් ඇඳගෙන නිල්පාටයි කහපාටයි කලර්ස් දෙකෙන් ඩෙකරේට් කරපු කේක් එකක් උස්සන් ඒකෙ වටේ හාට් වගේ කපපු ස්ටෝබෙරි පෙති තියලා කැන්ඩ්ල්ස් ගහගෙන ඔක්කොම තල්ලු කරගෙන දොර ගාවට ආවා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...