117 කොටස

60.3K 3.3K 548
                                    

" අයියෙ!! එ-එහාට වෙන්-අනේ.. අයියෙ.."

රධ්‍ය අයියා මගේ තොල් වලින් පෙක් එකක් තියලා මුළු මූණ පුරාම හාදු තිව්වා.. එකක් දෙකක් නෙමේ එකදිගට ගොඩාක්.. මම දඟලලා දඟලලා රධ්‍ය අයියගෙ අත් දෙක අස්සෙන් පහළට රූට්ටලා යන්න හැදුවහම රධ්‍ය අයියා මගේ ඉණෙන් අල්ලලා ආයෙම උඩට කල්ලා ඇඳට අතෑරියා.. එයාගෙ මූණෙ තිබිලා ඇනෙන කටු වලට මට කිතිකැවෙනවා.. එතකොට හිනායනවා.. මම හිනාවෙලා හිනාවෙලා ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ගිහින් කොට්ටෙට වැටෙනකල්ම හිනාවුණාට පස්සෙ රධ්‍ය අයියා මගේ කොණ්ඩෙ අවුල් කල්ලා නැගිටලා ඇඳෙන් ඉඳගත්තා.. ඇඳට දාලා තිබ්බ ශීට් එක පොඩි වෙලා ඒකෙන් ගන්න දෙයක් නෑ.. මම මූණයි ඇඟයි ඔක්කොම රතු කරගෙන ඇස් දෙකේ කඳුළු පිහාහෙන නැගිට්ටා.. පණත් නෑ වගේ දැන්නම්..

" හුස්ම ගන්නත් බෑ.. මෝඩයා.."

රධ්‍ය අයියා ලාවට හිනාවුණා..

" අසනීප වුණාද.."

මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන ඉඳලා හිමින් සැරේ රධ්‍ය අයියා ගාවට ඇදිලා ගිහින් එයාගෙ ලොකු අතකට හේත්තු වුණා.. එහෙම උණක් නෑ..

" කකුලෙ මස්ල්ස් වල පේන් එකක් තිබ්බෙ.. ඒකට වෙන්නැති.."

" කොහෙද.. තයිස් වලද.. මේ කකුලද.."

" ම්ම්.."

රධ්‍ය අයියා මගේ කකුලෙ කලව ගාවින් අතක් තියලා පොඩ්ඩක් පහළට තද කලාම මම එයාගෙ අත අරන් එහාට කලා..

" අල්ලන්න එපා රිදෙනවා.."

" හුඟක් රිදෙනවද.. හවස බෙහෙත් ගෑවෙ නැද්ද.."

" ගෑවා.. මේකයි හරිද.. මම හවස ඇඟ සේදුවනෙ.. තෙමුණා.."

රධ්‍ය අයියා අර පුරුදු හට්ටි මූණ දාගෙන මගේ දිහා බලාගෙන ඉඳලා ඔලුව මැද්දටම ටොක්කක් අතෑරියා..

" උඹට කියලා වැඩක් නෑ.. ඔබාගෙනම ඉඳපන් වතුරෙ.. තව මොනවද කරගත්තෙ.."

" මේ ඔයා ගහන්න එන්නෙපා  හරිද.. මම ආධ්‍ය අයි-"

" පොඩී.. මම ඇතුළට එනවා.!!"

මට මගේ වාක්‍ය කියලා ඉවර වෙන්න වුණේ නෑ මගේ දුක අහන අයියා දොර ගාව ඉඳන් කතාකලා.. සමහරවිට මේ ඉන්නෙ මගේ ගළවා ගැනීමේ දූතයාද දන්නෙ නෑ.. අවශ්‍ය හැමවෙලාවෙම පෙනී ඉන්නෙ.. දෙවියන් වහන්සේට මම කෙරෙහි අනුකම්පාවක් පහළ වෙන්නැති.. මලක් වගේ දරුවෙක් හැමෝම තලනවා කියලා.. ඒ අස්සෙ මට පොඩ්ඩක් විතර ලැජ්ජයිත් වගේ රධ්‍ය අයියා එක්ක කතාකරන්න.. මමත් අර අලුත බැඳපු මනමාලි වගේ අතකටම හේත්තුවක් දාගෙන මූණ බලන්නෙ නැතුව බිම බලාගෙනම හිටියා.. හුඟ කාලෙකින් නෙ ඉතින් දැක්කෙ.. පොඩ්ඩක් ලැජ්ජ හිතෙන්න එපැයි.. නැත්නම් හරිනෑනෙ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now