එදා වුනු සිද්දියෙන් මම හුගක් වෙනස්වෙන ගමන් හිටියා.. කලින් හිතේ කොනකවත් ජීවිතේ ගැන බයක් නොතිබ්බ මට සමහර වෙලාවල් වලදි ජීවිතේ ගැන බයක් හිතුනා.. හිනාවෙන හැම වතාවකම මට කොච්චර අඩන්න වෙයිද කියලා මට අදහසක් තිබුනේ නෑ..මට ජීවිතේ ගැන බරක් දැනුනට බයක් දැනුනේ නැති තරම්.. මට දැනෙන හැම හැගීමක්ම වචන කරන්න තේරෙන්නෙ නෑ.. ඒත් අනේ මන්දා..
රධ්‍ය අයියා මට නින්ද යනකල්ම මගේ ලගින් ඉදලා පාන්දර ගෙදර ගිහින් තිබුනා.. අම්මයි මමයි තනියම ඉද්දි එයා කියනවා එහෙම උදේ පාන්දර තව පිරිමියෙන් ගෙයින් එලියට බහින එක හොද දෙයක් නෙමෙයිලු.. ඒ වුනාට ඉතින් වුනු සිද්දිය හැමෝම දන්නවත් ඇති.. විශේශෙන්ම එහා ගෙදර ඇන්ටි.. මොකද මම මේ අවුරුද්ද මුලදි තාත්තා ඔය ගෑනි එක්ක කතා කර කර ඉන්නවා දැක්කනෙ.. ඉතින් ඒ කවුද කියලා කමනි ඇන්ටි හොදටම දන්නවා ඇති.. ඒ වුනත්.. කමක් නෑ.. මට ලොකෙ මිනිස්සු මං ගැන මොනවා හිතුවත් කමක් නෑ.. හෙන ගහලා පලච්චාවෙ.. මට ඇති වැඩක් නෑ..
මට හුගක්ම උවමනා වෙලා තිබ්බෙ මගේ ඔලුව ආයෙම ඉස්කෝලෙ වැඩ වලට ෆෝකස් කරගන්න.. ඇත්තටම පාඩම් පොතක් අතට ගත්තත් මට ඔලුව කකියන්න එනවා.. හිත මොනවාදෝ හොය හොය ,හිත හිත ඈතට ඇදිලා යනවා..
අම්මා දවස් දෙක තුනක් යද්දි සාමාන්‍ය අතට ආවා වගේම මාමා අපේ ගෙදර ටික දවසක් නැවතිලා අම්මා ගාවින් ඉදලා අම්මගෙ හිත හුගක් හැදුවා.. අම්මා හිටියේ මුලදි ලොකු දුකකින්.. ඒත් අම්මා කියනවා ජීවිතේ හැම දුකක්ම ඉවසදරාගෙන ජීවත් වුනේ මම නිසාලු.. මීට වඩා දේවල් වෙලා තියෙන අම්මට මේක එච්චර ගානක් නෙමෙයිලු.. අම්මට ලොකු හයියක්ලු මම අම්මා ලග ඉන්න එක..
ඒත් අම්මා දන්නවද.. මට එහෙම හයියක් නැති වග.. අම්මට මාව හයියක් වගේම මටත් හයියක් ඕන වුනා ජීවත් වෙන්න.. අපි ජීවත්වෙන්නෙම කෙනෙක් මත යැපෙන ගමන්ද මට හිතුනා.. එක්කො මනුස්සයෙක් එක්කො මතකයක් එක්කො හීන.. ඕවා මත යැපෙන ගමන් සමහරු සතුටින්, සමහරු දුකින්, සමහරු සැහැල්ලුවෙන් ජීවත් වුනා..
ආයෙම කීවෙනි වතාවටද මන්දා.. මට හිතුනේ මගේ ජීවිතේට රධ්‍ය අයියා ආපු එක මගේ ලැබීමක් කියලමයි.. ඒකත් හරිම වෙලාවෙදි හම්බුනු එක ගැන මට ලොකු සැනසීමක් දැනුනා.. මගේ හිත දැනටම පිරිමියෙක්ටම මෙච්චර ලෙන්ගතු වෙන්නෙ මට නොලැබුන ආදරයක් හොයාගෙනද කියල මට හුගක් වෙලාවට හිතුනා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...