" Steward කෙනෙක් වුණ පලියට මෙතන ඉන්න හැමෝම හිතන්න එපා තමුන්ට කවදාහරි ස්කූල් සීනියර් ප්රිෆෙක්ට් බැජ් එකක් නිකන් හම්බවේවි කියලා.. ඒකට කැපවීම , උනන්දුව වගේම හොද විනයක් අනිවාරෙන්ම තියෙන්න ඕන.."
" ඒක කිස් එකක්ද.."
" හොදයි මුලින්ම Stewardship එකක් කියන්නෙ මොකක්ද..??"
" නෑ ඒක කිස් එකක් නෙමේ.. මම දන්න කිස් එහෙම නෙමේ දෙන්නෙ.. කමෝන් වරද්.. ඒක කිස් එකක් නෙමේ.. පිස්සුද උඹට.."
" Stewardship is the highest leadership position a student can achieve while still studying in school.."
" ආර්හ්!! මොන මගුලක්ද මේ.. ඒක කිස් එකක් නෙමේ!!!"
" They are selected from among the Grade 12 students in the beginning of their Advanced Level education. Their closeness to the student population makes them well suited to gather insights to couple with the previous experiences of Prefects which can be used for various improvements in the school structure.."
" නෑ නෑ මට එහෙම ලොකු මතකයක් නැතිවෙන්න බෑ.. එහෙම මොකුත් වුනේ නෑ.. වරද්.. සිහියට වරෙන්.."
" Stewardship is considered a challenging role for an Advanced Level student. Balancing academics with all extra and co-curricular activities in which they participate may sometimes be mentally and physically demanding for them.."
මම හිටියේ ඉස්කෝලෙ මේන් හෝල් එකේ ලමයි එකසිය පනහක් පෝලිමට හිටගෙන ඉන්න ලයින්ස් වල ඉස්සරහම ලයින් එකක.. පොඩ්ඩක් කොට වුනා කියලනෙ කරුමෙට පෝලිම් වල ඉස්සරහට යන වෙලා තියෙන්නෙ..
මම උදේ ඉස්කෝලෙ ඇවිත් පලවෙනි පීරියඩ් එකට දෙයියනේ කියලා ඉදගන්න යද්දිම අපේ ඉස්කෝලෙ අභිමානවත් කියලා හිතාගෙන ඉන්න ශිශ්ය නායක කමිටුවේ අලි ඔලුවා රධ්ය ශනව් හෙලාක්ශයි සයෝන් අයියයි ක්ලාසස් වලට ඇවිත් නම් පෝලිමක් කියාගෙන ගිහින් ඒ ලමයිට මේන් හෝල් එකට එන්න කිව්වා.. මට පොඩිම අදහසක්වත් තිබ්බෙ නෑ මේ ගස් වැද්දා මොන එහෙකට කතාකරනවද කියලා.. මගේ නමයි සෙනුකයගෙ නමයිත් ඒකෙ තිබ්බා.. ඒ වුනාට අද සෙනුකයා ඉස්කෝලෙ ආවෙ නෑ.. අයුක අයියා හොස්පිට්ල් නිසා එහේ යනවා කිව්වා..
අන්තිමේදි මම මේන්හෝල් එකට ආවට පස්සෙ තමයි දැනගත්තෙ අපේ ඉස්කෝලෙ Steward කෙනෙක් විදියට මාව තෝරගෙන කියලා.. Stewardලා කියන්නෙ සීනියර් ප්රිෆෙක්ට් කෙනෙක් වෙන්නට කලින් තියන ලීඩර්ශිප් එක.. Steward කෙනෙක් විදියට මේ කාලෙ හොදට හැසිරුනොත්, වැඩ කලොත් තමයි සීනියර් ප්රිෆෙක්ට් කෙනෙක් විදියට අපිව තොරගන්නේ.. මට මේ මගුලට එන්න කොහෙත්ම උවමනාවත් තිබ්බෙ නැතිවුනත් ඉස්කෝලෙ මට ඇරෙන්න අනිත් ඔක්කොන්ටම සෑහෙන්න ලොකු අමාරුවක් තිබ්බා මගේ නම මේකට දාන්න.. ඉතින් දැන් මම ඒ මීටින් එකේ හිටගෙන ඉන්නවා.. අපිට ඉස්සරහින් මේන්හෝල් ස්ටේජ් එකේ අර අලි ඔලුවා රධ්යකාරයා පහසුවෙන් හිටගෙන අත් දෙකත් පිටිපස්සට බැදගෙන හරි ලොකු එකා වගේ අපිට Steward කෙනෙක් කියන්නෙ කවුද කියලා කියලා දෙනවා.. කොහොමත් ඉස්කෝලෙ ස්පීචස් කරන්නෙ ඌ තමා.. ඌ කතාකරන විදියට බය හිතෙනවනෙ.. මට නෙමේ අනිත් උන්ට එහෙමලු.. ස්ටුවර්ඩ්ශිප් එකක් කියන්නෙ මොකක්ද යැයි යැයි තමා..
YOU ARE READING
SEPALIKA | COMPLETED
Romanceරධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා...